ආගම් ගැරහූ නතාෂා සමාව ඉල්ලයි

1426

බුදු දහමට, ඉස්ලාම් ආගමට සහ කිතු දහමට අපහාස කරන ලද නතාෂා නැමැති තරුණියක් සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. කොළඹ ප්‍රධාන පාසලක පැවති ප්‍රහසන වැඩසටහනකදී ඉදිරිපත් කිරීමට මෙම තරුණියට පසුගියදා අවස්ථාව හිමිවුණි. ඇය ඉදිරිපත් කිරීම ආරම්භයේ සිටම බෞද්ධ ආගමට, කිතුණු ආගමට හා ඉස්ලාම් ආගමට අපහාස කරමින් නරඹන්නන් සිනහා ගැස්වීම සිදුකර තිබුණි.ප්‍රේක්ෂකාගාරය ද ඊට ප්‍රතිචාර දැක්වූයේ කොක්හඬ ලා සිනහා නගමිනි.ඇය බෞද්ධ පාසල් ද ප්‍රසිද්ධියේ බරපතළ ලෙස විවේචනය කළාය. ඒ ප්‍රකාශය තුළ අපහාසය පමණක් නොව නරක වචන පවා ගැබ්වී තිබුණු බව වාර්තා විය. ප්‍රහසන කලාව තුළින් ජනතාව පිනවන කලා ශිල්පීන් බහුතරයක් අප රටේ අදටත් සිටී. නමුත්, ඔවුන් කිසිදු අවස්ථාවක ආගම්වලට අපහාස කිරීම් සිදුකර ඇති බවට වාර්තා වී නොමැත. ඔවුන් සැමවිටම ප්‍රේක්ෂකයා අතරට රැගෙන ගියේ උසස් රසවින්දනයකි.ආගම්වලට ගරහන නතාෂාගේ ප්‍රහසන කලාව විවිධ පාර්ශ්ව ද බරපතළ විවේචන එල්ල කරමින් පවතී.අදාළ තරුණිය හා ඇයගේ ප්‍රකාශය අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා සමාජ මාධ්‍යය ඔස්සේ ඊයේ (26) පැවසුවේ, එම ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවය.කෙසේවෙතත් මෙවැනි ප්‍රකාශ සිදුකර පසුව සමාජයෙන් විරෝධතා මතුවෙද්දී සමාව ඉල්ලා සිටීම පිළිගත නොහැකි බව පවසමින් පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මූලස්ථානයට අද පැමිණිලි කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment