අලි පොහොට්ටු ආණ්ඩුකාර යුද්ධයක්

451

එක්සත් ජාතික පක්‍ෂය හා පොදුජන පෙරමුණ ,පළාත් නවය සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ ක්‍රියාවලියේදී මතබේදාත්මක ස්ථාවරයක සිටින බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිහිප දෙනකු ආණ්ඩුකාරවරු ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුල සිටම තීරණය කර තිබිණි .එහෙත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුකාර ධූරයන් සඳහා නම් යෝජනා කිරීම හේතුවෙන් මෙම අර්බුදය උද්ගතව තිබේ .

ආණ්ඩුකාර ධූර සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් දයා ගමගේ, ජෝන් අමරතුංග, නවීන් දිසානායක හා වයඹ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ශාමෙල් සෙනරත් යන නම් යෝජනා වී ඇත.

එහෙත් පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ දැනට ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කරන ලලිත් යූ ගමගේ, විලී ගමගේ, ඒ.ජේ. මුසම්මිල් යන මහත්වරුන්ට තවදුරටත් එම ධූරයන් හි කටයුතු කිරීමට ඉඩ සලසා දෙන ලෙසය .

advertistmentadvertistment
advertistmentadvertistment