භික්ෂූන්ට මහා සතිපට්ඨාන සුත්‍රය අන්තර් ජාලය ඔස්සේ උගන්වයි

300

ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදර සංගමය විසින් සංවිධානය කරන මහා සංඝරත්නය උදෙසා සතිපට්ඨාන සූත්‍රය අන්තර් ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු අද උදුවප් පොහෝ දින පෙරවරු 8.00 සිට පෙරවරු 9.30දක්වා ද පැවැත් වීමට පියවර ගෙන ඇත.මෙහිදී ශ්‍රී ලාංකා, තායිලන්ත,මියෙන්මාර්,ඉන්දුනිසියානු සහ මැලේසියානු භික්ෂූන් වහන්සේලා උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදර සංගමයේ සභාපති සහ ජාත්‍යන්තර බෞද්ධ පදනමේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය දමේන්ද පොරන්ග මහතා පවසයි. අති පූජ්‍ය දලයිලාමා තුමා ගේ ආචාර්යත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව ද ඒ මහතා සදහන් කරයි.මෙම වැඩසටහන ඊයේ සිටආරම්භ විය.

advertistmentadvertistment
advertistmentadvertistment