මට මරණ තර්ජන ආරක්‍ෂාව දෙන්න – ඩී. වීරසිංහ කථානායකගෙන් ඉල්ලයි

188

තමන්ටද වෙඩි තබනවා, මරනවා වැනි තර්ජන එල්ල වන බැවින් තම ජීවිත ආරක්ෂාව සලසා දෙන්නැයි අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් කථානායවරයාගෙන් ඉල්ලා සිටියේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය. මට දැන් දින දෙකක සිට 0761000732 කියන දුරකථන අංකයෙන් ඇමතුම් දී මරනවා, එළියට බහින්න එපා, වෙඩි තියනවා කියලා තර්ජනය කරනවා සහ මගේ ජංගම දුරකථනයට විශාල වශයෙන් තර්ජනය කර පණිවුඩ එවා තිබෙනවා.

මම දැක්කා උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීතුමාටත් වෙඩි තබා තිබෙනවා. මෙහෙම තර්ජන එල්ල වීම ගැන කථානායකතුමා පියවර

ගන්න, අපේ වරප්‍රසාද ආරක්ෂා කරන්න කියලා ඉල්ලනවා.

ඒ වගේම මංජුල ප්‍රියංකර සහ මෛත්‍රී ධර්මප්‍රිය කියන අය ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ මට චෝදනා එල්ල කරලා තිබෙනවා මම 1989 වර්ෂයේදී අම්මා කෙනෙක් සහ දුවෙක්ව දූෂණය කරලා ගිනි තියලා මැරුවා කියලා. හැබැයි ඒ අය දන්නේ නෑ එතකොට මට වයස අවුරුදු 08යි කියලා. ඒත් මේවා දැක්කහම සමාජය පිළිගන්නවා ඇත්ත කියලා. ඒ නිසා මේවා ගැන මම පරීක්ෂණයක් කරන්න කියලා සීඅයිඩීයට යනවා. එතෙක් මගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව පියවරක් ගන්න කියලා ඉල්ලනවා

නියෝජ්‍ය කථානායක – ඔබතුමා කරුණාකරලා ලිඛිතව දෙන්න. ඒ ගැන අපි පියවරක් ගන්නම්.

විපක්ෂනායක – මේක භයානක තත්ත්වයක්. මේ ගැන යම් පැහැදිලි විධිමත් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. රජය මේ ගැන පියවරක් ගන්න ඕනා. අපේ රටේ දැන් මිනීමැරුම් විශාල වශයෙන් වෙනවා. රටේ විෂම ක්‍රියාවන් ක්‍රියාත්මක කරන අයට එරෙහිව දැඩි පියවරක් ගන්න ඕනා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment