මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පහරදෙන්න හැදුවා – මන්ත්‍රී රාසමාණික්කම්ගෙන් නි. කථානායකට පැමිණිල්ලක්

57

ලිෆ්ට් එක ළඟට එන්න කිව්වේ පරිස්සමින් එක්කන් යන්නයි – රෝහිත අබේගුණවර්ධන

පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය තුළදී මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තමන්ට පහරදීමට පැමිණි බව දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා ඊයේ (07දා) නියෝජ්‍ය කථානායක වෙත පැමිණිලි කළේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ කීය. මට මන්ත්‍රීවරයෙක් තර්ජනය කළා. පාර්ලිමේන්තුවේ අගමැතිතුමාගේ කාර්යාලයේදී. අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමැතිතුමා නැත්නම් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා මට පහර දෙනවා. ඒකට අගමැතිතුමාගේ කාර්යාලයේ නිලධාරීන්, අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමැතිවරයා, ජගත් ප්‍රියංකර මන්ත්‍රීතුමා සාක්ෂියි. මට කිව්වා ඔබ ආණ්ඩුවට විරුද්ධව කතා කරලා කොහොමද අපේ අගමැතිතුමා හමුවෙන්නේ මේ අපේ අගමැතිතුමා කිව්වා. මම කිව්වා මේ රටේ අගමැතිනේ කියලා. එතකොට ඔහු කිව්වා මොකක්ද තමුසේ කියන්නේ කියලා මගේ ඉස්සරහට ආවා. අපිටත් ගහගන්න පුළුවන්. ඒත් විනයක් තිබෙනවා. මට කිව්වා ලිෆ්ට් එක ගාවට පුළුවන් නම් තමුසේ එනවා කියලා. අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමැතිතුමා මේ මන්ත්‍රීවරයාව ඒ අවස්ථාවේ ඉවත් කළේ නැත්නම් මට ගහනවා. ඒ පහර දීමට හේතුව මම දෙමළ මන්ත්‍රීවරයෙක් වීම. මොකද ඔහු පැහැදිලිව කිව්වා තමුසේ කොහොමද අපේ අගමැතිතුමා හම්බවෙන්න එන්නේ කියලා. මේකද සංහිඳියාව ගැන රටට දෙන පණිවුඩය. මම මේ පාර්ලිමේන්තුවෙන් එළියට යනවිට මට සීරීමක් වුණොත් රෝහිත අබේගුණවර්ධන තමයි වගකියන්න ඕනේ. මේ පැමිණිල්ල පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ගේන්න කියලා.

රෝහිත අබේගුණවර්ධන මහතා : මමත් ඉල්ලීමක් කරනවා ඒ වරප්‍රසාද කමිටුව හමුවට මාවත් ගෙන්නලා අදහස් අහන්න මා කැමතියි ඒ කමිටුව හමුවට එන්න. මම අවුරුදු 25ක් තිස්සේ දෙමළ මන්ත්‍රීවරු එක්ක හිටියා. මම ඇහුවේ මොකද මේ අගමැතිතුමාගේ කාර්යාලයේ කියලා. ලිෆ්ට් එක ළඟට එන්න කිව්වේ පරිස්සමින් එක්කන් යන්නයි. ඇයි ඔච්චර බය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment