විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ බදු සහන IMF යයි

684

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා ඇති බදු සහන ඉල්ලීමට විසදුම් දිය හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ජූලි සහ සැප්තැම්බර් මාස වලදී පැවැත්වෙන සමාලෝචන සැසියෙන් පසු බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. ඔවුන්ගේ යෝජනා IMF වෙත යොමු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඔවුන් පැවැත්වූ සාකච්ඡා තුනේදීම දැනුවත් කර ඇති බවත් ඒ මහතා සදහන් කළේය . කෙසේ වෙතත් උසස්පෙළ විභාග පිළිතුරු පත්‍ර බැලීමට පෙර යළි ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා දැනුවත් කර ඇතැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment