ගජමන් නෝනා HIT

420

ටෙහාන් පෙරේරා සමග යොහානි ද සිල්වා ගයන ඔවුන්ගේ නවතම ගීත නිර්මාණය ”ගජමන් නෝනා’’ පසුගියදා යූටියුබ් මාධ්‍යයට මුදාහැර තිබේ. එය මේ වන විටත් ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක් අතරම අතිශය ජනප‍්‍රිය වෙමින් පවතී.

ගජමන් නෝනාගේ චරිතය ආදේශ කර ගනිමින් වර්ණනා කිරීමක් මෙන්ම ආදරය, ශුංගාරය, විනෝදාස්වාදය මැනවින් කැටිකොට නව පරම්පරාවේ හදවත් සොරා ගැනීමටත් සෑම දෙනාටම එකසේ රසවින්දනය කිරීමට හැකි වෙනත් ආකාරයේ ගීතයක් ලෙසින් මෙය නිර්මාණය කර තිබේ. ඒ වාගේම ටෙහාන් පෙරේරාගේත් ඔහුගේ හොට් චොකලට් සංගීත කණ්ඩායමේ නව නිර්මාණ කිහිපයක්ම මෙම වසරේදී එළිදැක්වීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා. අන්සාෆ් අමීර්ගේ පද රචනයෙන් ද සන්දේශ් බණ්ඩාරගේ කලා අධ්‍යක්ෂණයෙන් හා අශාන් ප‍්‍රනාන්දුගේ තනු නිර්මාණයෙන් හා සංගීතයෙන් ”ගජමන් නෝනා’’ නිර්මාණය වී ඇත.

  • ඕ. ටී. පාරමී
advertistmentadvertistment
advertistmentadvertistment