මහනුවර ත්‍රිත්ව – ගාල්ල රිච්මන්ඩ් අවසන් මහා තරගය අද ඇරැඹේ

97

අන්තර් පාසල් ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලිය

ත්‍රිත්ව විදුහල් පිල

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරුණු අන්තර් පාසල් ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ “ඒ” කොටසේ තීරණාත්මක අවසන් තරගය අද (08) හෙට (09) සහ අනිද්දා (10) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (එස්.එස්.සී.) පිටියේ දී පැවැත්වේ.

වසරේ ශූරතා කුසලාන දිනා ගැනීමේ අරමුණ ඇතිව මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව ගාල්ල රිච්මන්ඩ් විදුහල එහි දී තරග වදිති.

ඉකුත් වර සම ශූරතාව තහවුරු කර ගත් මහනුවර ත්‍රිත්ව විදුහල මෙවර තීරණාත්මක අවසන් තරගයට සුදුසුකම් ලබා තිබීම ඒ අතර කැපී පෙනෙයි.

මෙවර අවසන් තරගය දින තුනක් පුරා ක්‍රියාත්මක කිරීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මනුල කුලරත්නගේ නායකත්වයෙන් මහනුවර ත්‍රිත්ව පිල ද ගාල්ල රිච්මන්ඩ් පිල ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මල්ශ තරුපතිගේ නායකත්වයෙන් ද මෙවර තීරණාත්මක අවසාන තරගයට අවතීර්ණ වෙති.

අවසන් පූර්ව වටයේ දී ත්‍රිත්ව විදුහල හමුවේ කොළඹ මහානාම විදුහල ද රිච්මන්ඩ් විදුහල හමුවේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල ද පරාජය ලැබීය.

ත්‍රිත්ව විදුහල් පිල

මනුල කුලරත්න (නායක), දිනූෂ පිරිස් (උප නායක), තරණ විමලධර්ම, සුපුන් වඩුගේ, දිනුක තෙන්නකෝන්, ජනිත් වර්ණකුල, විදූක ධම්මගේ, මලිත් රත්නායක, වතිල උදාර, දීමන්ත මහාවිතාන, පුලීෂ තිලකරත්න, තිසල් යාපා, ඔමෙත් බණ්ඩාර, එස්. අනුරජීව, රජිදු තිලකරත්න, විදුනෙත් ධම්මගේ, කවීන් ගමගේ, කවිදු ජයරත්න සහ ජයවී ලියනගම

බ්‍රයන් සේනාරත්න මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) නවීන් ඒකනායක මහතා (ප්‍රධාන පුහුණුකරු) ලක්ෂිත අලහකෝන් මහතා (සහාය පුහුණුකරු)

මහනුවර ත්‍රිත්ව - ගාල්ල රිච්මන්ඩ් අවසන් මහා තරගය අද ඇරැඹේ

රිච්මන්ඩ් විදුහල් පිල

මල්ශ තරුපති (නායක), ෂරෝන් අභිෂේක් (උප නායක), තමිදු ප්‍රදීප්ත, සී. සුබසිංහ, මලිත් ද සිල්වා, සෙනෙත් සිසාන්, යුරි කොත්තිගොඩ, සිහත් රාමනායක, කවිෂ ඉඳුවර, ෂෙහාන් ද සොයිසා, නිකිල් ජයවීර, පුබුදු මිහිරංග, රසාංග තේජාන්, නෙත්සර ආකාෂ්, පුනාල් හංසජිත්, චමෝද් පුන්සර, සචිදු නිම්සර, තෙනූෂ නිම්සර, බෙවින් ජයවර්ධන සහ මිනග ආරියදාස

නුවන් ජයසිංහ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) ලක්මාල් ද සිල්වා මහතා (ප්‍රධාන පුහුණුකරු) ළහිරු මදුවන්ත (සහාය පුහුණුකරු) සිදත් ප්‍රියංකර මහතා (සහය පුහුණුකරු)

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment