කුරුණෑගල පාසලක කොන්ඩය කපන්න හැදූ  – ශිෂ්‍ය නායකයින්ට සිසුහු පහර දෙති

763

හෙල්මට්වලින්ද පහරදීලා  09ක් රෝහලේ – තුනකට බරපතළයි

කුරුණෑගල නගර ආසන්නයේ පිහිටි ප‍්‍රධාන පෙලේ විද්‍යාලයක 11 ශ්‍රෙණියේ අධ්‍යාපනය ලබන සිසුන් කීපදෙනකුගේ කොන්ඩය වැවී ඇති බැවින් ශිෂ්‍ය නායකයින් විසින් ඔවුන්ගේ කොණ්ඩය කැපීමටසූදානම් වෙද්දී සිදුවූ බහින් බස්වීම දුරදිග ගොස් දෙපිරිස අතර පසුගිය (29* දින අතින් පයින් පහරදීම සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වේ.

11 ශ්‍රේණියේ සිසුන් පිරිසක් මෙහිදී ශිෂ්‍යනායකයන් දෙදෙනකුට පහරදීම නිසා උරණවූ ශිෂ්‍ය නායිකාවන් දෙදෙනකුද මැදිහත්වීමෙන් ගැටුම තවතවත් ත‍්‍රිව්රවී ගැටුමෙන් ශිෂ්‍ය නායිකාවන් දෙදෙනාටද තුවාල සිදුවිය. පාසැල් කාලයෙන් පසුව නැවත සිසු ගැටුම නිර්මාණය වී ඇති අතර සිවිල් ඇඳුමෙන් සැරසුන සිසුවියන් තිදෙනකු සහ තවත් සිසුන් කණ්ඩායමක් අතර ගැටුම නැවත ඇතිවී ඔවුන් අතැතිව තිබූ ‘‘හෙල්මටි” පාවිච්චි කර තවත් සහෝදර සිසුන් කීපදෙනකුගේ හිසට පහරදී ඇත.

පහකෑමෙන් හිසට සහ ශරීරයේ බාහිර කොටස්වලට ලද තුවාල නිසා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ එකම පාසැලේදෙපාර්ශවයේ සහෝදර සිසු සිසුවියන් 9 දෙනෙකු නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවත් තිදෙනෙකුට බරපතළ බවත් ඒ අතර ශිෂ්‍යාවන් තිදෙනෙකු සිටින බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ රෝහල් පොලිසිය පැවැසීය.

ආර්.එම්.ඩබ්ලිව්. බණ්ඩාර කුරුණෑගල

 

advertistmentadvertistment
advertistmentadvertistment