2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය වෙරළ වොලිබෝල් තරගාවලියට ආසියානු කලාපයෙන්  ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලබයි

201

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලි සඳහා ආසියානු කලාපයෙන් සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලංකාවේ චතුරිකා මධුශානි සහ දීපිකා බණ්ඩාර යුගළයෙන් සමන්විත කාන්තා කණ්ඩායමත් මලින්ත යාපා සහ අශේන් රශ්මික යුගළයෙන් සමන්විත පිරිමි කණ්ඩායමත් සමත් වූහ. ඒ පසුගියදා මීගමුව වෙරළ තීරයේ දී පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී අවසන් මහා තරගයේ දී පිළිවෙළින් සිංගප්පූරු කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය වෙරළ වොලිබෝල් තරගාවලියට ආසියානු කලාපයෙන්  ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලබයි

බර්මින්හැම්හිදි පැවැත්වීමට නියමිත 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල ස`දහා ආසියානු කලාපයෙන් සුදුස්සන් තේරීමේ වෙරළ වොලිබෝල් තරගාවලිය පසුගිය 18 හා 19 යන දෙදින මීගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්විණි. ඒ අනුව තරගාවලිය ස`දහා මැලේසියාව, සිංගප්පූරුව, මාලදිවයින සහ ශ‍්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගි වූ අතර

 ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා අංශය නියෝජනය කරමින් චතුරිකා මධුෂානි සහ දීපිකා බණ්ඩාරත් පිරිමි කණ්ඩායම නියෝජනය කරමින් මලින්ත යාපා සහ අශේන් රශ්මිත් තරග වැදුණි.

 මැලේසියාව, සිංගප්පූරුව සහ ශ‍්‍රී ලංකාව යන රටවල් තුන පමණක් සහභාගි වූ කාන්තා අංශයේ තරගවලදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ චතුරිකා සහ දීපිකා යුගළය අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර එම අවසන් මහා තරගයේදීද වට 2-0ක් ලෙස සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත්කළේය. එනම් කාන්තා අවසන් මහා තරගයේ ලකුණු සටහන කියවූයේ 21-18ක් හා 22-20ක් ලෙසිනි. එසේ පරාජයට පත්වූයේ සිංගප්පූරුවේ එලිසා සහ වියියූ යන කාන්තා යුගළයයි.

 මලින්ත යාපා සහ අශේන් රශ්මික නියෝජනය කළ ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායමද මූලික වටයේ සියලූම තරග ජයග‍්‍රහණය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම විශේෂත්වයක් විය. ඒ අනුව අවසන් මහා තරගයේදී මලින්ත සහ අශේන් විසින් මාලදිවයින කණ්ඩායමේ සජිඞ් සහ නසීම් යුගළය වට 2-0ක් ලෙස පරාජය කරන ලද අතර 21-13ක් හා 21-13ක් ලෙස අවසන් ලකුණු පුවරුව සටහන් කළේය.

 ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ මූලික වටයේ තරගවලදී මැලේසියාව (21-15,20- 22,15-10* සහ සිංගප්පූරුව (14-21,21-18,15-12* පරාජයට පත්කළේය. පිරිමි අංශයේ මූලික තරගවලදී ශ‍්‍රී ලංකාව විසින් මාදිවයින (21-18,21-15*, මැලේසියාව (21-16, 21-15* සහ සිංගප්පූරුව (21-10, 21-16* යන කණ්ඩායම් පරාජයට පත්කරන ලදී.

 ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධායකත්වයෙන් ජාතික ඔලිම්පික් කමිටුව, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා සම්මේලනය සහ ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ දෙදිනක් පුරා පැවැති මෙම තරගාවලියේ අනෙක් තරගවලදී කාන්තා අංශයෙන් මැලේසියාව පරදා සිංගප්පූරුව ජයග‍්‍රහණයක් වාර්තා කළ අතර පිරිමි අංශයේ තරගවලදී සිංගප්පූරුව, මැලේසියාව සහ මාලදිවයින එක් ජයග‍්‍රහණයක් බැගින් වාර්තා කළේය. කෙසේ වෙතත් තුන්වැනි තරගයේදී සිංගප්පූරුව පරාජයට පත්කළ (21-12,21-8ක් ලෙසින්* මාලදිවයින කණ්ඩායම ලබාගත් ප‍්‍රසාද ලකුණු අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

 කෙසේ වෙතත් ආසියානු කලාපයේ අනෙක් වෙරළ වොලිබෝල් කණ්ඩායම් ලෙස ඉන්දියාව, බෲනායි, පකිස්ථානය සහ බංගලාදේශය මෙම තරගාවලියට සහභාගි නොවීය.

 තරගාවලිය සමාප්ථ උළෙලේ ත්‍යාග ප‍්‍රධානෝත්සවය ප‍්‍රධාන අරාධිත අමුත්තා ලෙස පැමිණි මීගමුව නගරාධිපති දයාල් ලන්සා, ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති සහ ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති කංචන ජයරත්න, වොලිබොල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක සහ උප සභාපති කුමාර වැන්ඩකෝන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment