වී – සහල් සත්ව ආහාර ලෙස යොදාගැනීම තහනම් – පාරිභෝගික අධිකාරියෙන් ගැසට් නිවේදනයක්

245

සහල් හෝ වී සත්ව ආහාරය සඳහා යොදාගැනීම තහනම් කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනතට (සංශෝධිත) අනුව සහල් හෝ වී සත්ව ආහාර නිෂ්පාදනය සඳහා කෙළින්ම භාවිත කිරීම හෝ අන්‍යාකාරයකින් සත්ත්ව ආහාර නිපදවීමට යෙදවුමක් ලෙස භාවිත කිරීම සඳහා විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදාහැරීම හෝ මිලදී ගැනීම නොකළයුතු බවට සියලුම නිෂ්පාදකයන්, වෙළෙන්දුන් සහ බෙදාහරින්නන් වෙත දැනුම්දී තිබේ.

මෙම නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරයි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment