දකුණේ විදුලි සැපයුමට බාල්දි පෙරළන බහිරවයෙක්

175

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යන්ත්‍රයෙන් දකුණු පළාතට විදුලිය දීමට නොහැකිවී ඇත්තේ ලෝක බැංකුව සමග සබඳතා පවත්වන කාන්තාවක සිටින නිසා බව ජනාධිපති කාර්යාලයට ලබාදුන් රහස්‍ය වාර්තාවක සඳහන් වේ.දකුණු පළාතට විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ යාන්ත්‍රණයෙන් විදුලිය දීමට ප්‍රමාදවීම සොයා බලන ලෙස ජනාධිපතිවරයාගේ නියෝගයෙන් කළ විමර්ශනයේදී අදාළ තොරතුරු හෙළිවී තිබේ.

පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා දකුණු පළාතට විදුලිය ලබාදීමට ගැටලුවක් මතුවී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේක්‍ෂණ යාන්ත්‍රණයට සම්බන්ධ කිරීම සඳහා පොල්පිටිය සිට හම්බන්තොට දක්වා කිලෝවොට් 220 ක ධාරිතාවයක් ගෙන යා හැකි විදුලි රැහැන් ඇදීමට යෝජිතවී තිබේ. ආසියා සංවර්ධන බැංකුවේ ණය ආධාර මත මෙම ව්‍යාපෘතිය ආරම්භ වුවද පෞද්ගලික තේ වත්තක් මැදින් මීටර් 600 ක් දුරට සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට වතු හිමිකරුගේ අනුමැතිය නොලැබීම නිසා මෙය ඇණහිට ඇත.

එම පෞද්ගලික ඉඩම මතින් විදුලි රැහැන් ඇදීම සඳහා රජයේ තක්සේරුව රුපියල් ලක්‍ෂ 16 ක් ගෙවීමට නිර්දේශ වී ඇතත් තේ වතු හිමිකරු මේ මුදල වෙනස් කරමින් රුපියල් ලක්‍ෂ 96 ක් ඉල්ලා සිටීම නිසා මෙම කටයුත්ත ප්‍රමාදවී තිබේ.

තක්සේරුකරුවකු වෙත මෙම තක්සේරුව ලබාදීමටත් එම කටයුතු සම්බන්ධීකරණය කොට ගැටලුව විසඳීමටත් ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව කමිටුවක් පත් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමට උපදෙස් දී තිබේ.

දකුණු පළාතට විදුලිය සපයන්නේ සමනළ වැව ජලාශයෙන් උත්පාදනය කරන විදුලියෙනි. යම් හෙයකින් සමනල වැව සිඳීගිය හොත් දකුණු පළාතට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment