හිටපු පොලිස් ඇමැති සහරාන්ගේ වාහනයක් පාවිච්චි කරනවා – හරින් ප්‍රනාන්දු

175

පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත නායක සහරාන් හෂීම් භාවිත කළ දැනට නඩු භාණ්ඩයක් ද වන වාහනයක් හිටපු මහජන ආරක්‍ෂක ඇමැති, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් භාවිතා කරනු ලබන බව විපක්‍ෂ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) පැවසීය.

එහිදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙසේද කීය. රංග ශ්‍රී ලාල් කියන මාධ්‍යවේදියා දාලා තිබෙනවා සටහනක් වාහනයක පිංතූරයක් සමඟම. ටොයෝටා ලෑන්ඩ් කෲෂර් වී – 8 වර්ගයේ වාහනයක්. මෙම වාහනය හිටපු මහජන ආරක්‍ෂක ඇමැති වූ සරත් වීරසේකර මහතා විසින් භාවිතා කරනවා කියලා. මේක නඩු භාණ්ඩයක්. වසර තුනක් පිරෙන්නත් එනවා ඒ ප්‍රහාරයට.

සරත් වීරසේකර මහතා – අද උදේ මම ඒ අමාත්‍යාංශයේ ලේකම්ගෙන් ඇහුවා. එතුමා කිව්වා මේක රාජසන්තක කරපු වාහනයක්. එය පොලිසියට දීලා. පොලිසිය විසින් මෙය විශේෂ කාර්ය බළකායට අනුයුක්ත කරලා තිබෙන්නේ. මට අනුයුක්ත කරලා නෑ. මම භාවිතා කරලත් නෑ. ඒක ලේකම්තුමා ස්ථිර කළා. හොඳයි ඒ ප්‍රශ්නය අහපු එක.

මනුෂ නානායක්කාර මහතා – මේක නඩු භාණ්ඩයක්
එහෙම පාවිච්චි කරන්න පුළුවන්ද? ඒ විතරක් නෙවෙයි, වී-8 වාහනත් දීලා නේ.

අනුර කුමාර දිසානායක මහතා – හිටපු පොලිස් ඇමැතිතුමා නඩු භාණ්ඩයක් වන වාහනයක් පාවිච්චි කරන්නේ කොහොමද? එතැන ගැටලුවක් තිබෙනවා. සහරාන්ට නඩුවක් තිබෙනවා. ඔහු භාවිතා කළ වාහනය නඩු භාණ්ඩයක්.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment