රනිත්මා දක්ෂතම බැඩ්මින්ටන් ක්‍රීඩිකාව වෙයි

205

47 වැනි ජාතික මහා ක්‍රීඩා උළලේ කාන්තා බැඩ්මින්ටන් තරගාවලියේ ඒකල සහ යුගල ශූරතාවය ජයග්‍රහණය කිරීමට බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහලේ 16 හැවිරිදි රනිත්මා ලියනගේ සමත් වූවාය.

දකුණු පළාත නියෝජනය කරමින් කාන්තා බැඩ්මින්ටන් ද්විත්ව ශූරතාවට අමතරව තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව බවට ද ඇය පත් වූවාය.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා බැඩ්මින්ටන් ඒකල අවසන් මහා තරගයේදී වයඹ පළාතේ ප්‍රවීණා විජේසුන්දර පරාජය කළ ඇය කාන්තා යුගල අවසන් මහා තරගයේදී නදීෂා ගයාත්‍රි සමඟ එක්ව බස්නාහිර පළාත නියෝජනය කළ කාවින්දි ඉෂාදිකා සහ බුත්මි ගලගමගේ පරාජයට පත් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment