මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය: ශ්‍රී ලංකාව දෙවැනි ජයත් ලබයි

102

මධ්‍යම ආසියානු කුසලාන වොලිබෝල් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ඊයේ (10 වැනිදා) පැවැති තරගයෙන් 3-0ක් ලෙස පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

තරග වට තුනේදී පිළිවෙලින් 25-24, 25-18, 25-16 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලබාගත් ජයත් සමග තරගාවලියේ පෙරමුණ ගැනීමට හැකි විය.

තරගය පස්වරු 4.00ට ආරම්භ වූ අතර ඊයේ පැවැති අනෙක් තරගයෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට උස්බෙකිස්තාන කණ්ඩායම සමත්විය. සෞදි අරාබියට එරෙහිව 3-0 ක ජයක් උස්බෙකිස්තානය හිමිකර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment