මාස 16 කට පසුව තැබූ අඩිය යේමනය හමුවේ ආපස්සට හැරෙයි

191

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙස යේමනය කණ්ඩායම සමග පෙරේදා (12දා) රාත්‍රියේදී පැවති තරගයෙන් යේමනය හමුවේ ගෝල 3-0ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේය.

ශ්‍රී ලංකාව හා යේමනය අතර එම තරගය සෞදි අරාබියේ අබා නගරයේදී පැවැත්වුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර තරගකට පිවිසියේ මාස 16 කට පමණ පසුවය.

අදාළ තරගාවලියේ දෙවෙනි තරගය ලබන 17 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ වනවිට අන්තර්ජාතික පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව යේමනය 156 වැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාව 202 වැනි ස්ථානයේ පසු වේ.

තරගයේ පළමු අර්ධය නිමාවන විට ගෝල් 1-0 ක් ලෙස පෙරමුණේ පසුවීමට යේමනය සමත් වූ අතර දෙවන අර්ධයේදී ඔවුහු තවත් ගෝල් දෙකත් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment