නේපාල තරුණිය එල්ලී මැරුණේ ඇමැති පුතා නිසාද?

861

අම්පාර දිස්ත‍්‍රික්කයෙන් තරග කළ ඔහු එකළ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයෙකි. එමෙන්ම ව්‍යාපාරිකයෙකි. මෙම හිටපු ඇමැතිවරයාට පුතෙක් සිටී. ඔහු ද හැසිරෙන්නේ බහුතරයක් මැති ඇමැතිවරුන්ගේ පුතුන් විලසින්ය. තරුණියන් ඇසුරු කිරීම, රාත‍්‍රි සමාජ ශාලා වෙත යෑම සහ මිතුරන් සමග විනෝද වීම මෙම හිටපු ඇමැතිවරයාගේ පුතාගේ ප‍්‍රධාන විනෝදාංශ වේ. ඒ සඳහා ඇති තරම් මුදල් සහ බලය ද ඔහු සතුව තිබේ.

කොළඹ එක්තරා ප‍්‍රසිද්ධ සමාජ ශාලාවක මොහු ප‍්‍රබල සාමාජිකයෙකි. එම සමාජ ශාලාවේ සුන්දර නේපාල තරුණියන් පිරිසක්ද සේවය කරති. හිටපු ඇමැති පුතා මෙම නේපාල තරුණියන්ට දැක්වූයේ විශේෂ කැමැත්තකි. එම තරුණියන් නිසාම ඔහු මෙම රාත‍්‍රි සමාජ ශාලාවට නිරන්තරයෙන්ම පැමිණීමට පුරුදු වී සිටියේය.

කළක් එලෙස ගත වෙද්දී එම රාත‍්‍රී සමාජ ශාලාවේ සේවය කරන සුන්දර නේපාල තරුණියක් සමග ඔහු හිතවත්කමක් ඇති කර ගත්තේය. ටික දිනක් ගතවෙද්දී එම හිතවත්කම ආදර සම්බන්ධතාවයක් දක්වා දුරදිග ගියේය.

හිටපු ඇමැතිවරයාගේ පුතා තරිඳු යන අන්වර්ථ නාමයෙන් අපි මෙතැන් සිට හඳුන්වන්නෙමු. තරිඳු එලෙස අනියම් සම්බන්ධතාවයක් ඇතිකරගත් දිලානියා යන නේපාල තරුණිය සමගයි. ඇය ඉතාමත් සුරූපී තරුණියකි. වයස අවු 25 කි.

ඇය විටින් විට සංචාරක වීසා ලබාගෙන එම රාත‍්‍රී සමාජ ශාලාවේ සේවය කළාය. ඇය සමග එම රටේ තවත් තරුණියන් හය දෙනකු මෙම රාත‍්‍රි සමාජ ශාලාවේ සේවය කළහ. ඔවුන් සියලූ දෙනාම නැවතී සිටියේ බම්බලපිටියේ මාසිකව කුලියට ගත් නිවසක් තුළයි.

හිටපු ඇමැතිවරයාගේ පුත් තරිඳු මෙම නේපාල තරුණියට දැක්වූයේ දැඩි ආදරයකි. ඒ ඇයගෙන් ලැබෙන රාගයට දැක්වූ දැඩි ගිජුකම නිසාය. විවේකයක් ලද සෑම මොහොතකම ඇය සමඟ ගත කිරීමට මෙම හිටපු ඇමැති පුතා වගබලා ගත්තේය.

දිනක් ඔහු නේපාල ජාතික අනියම් පෙම්වතියට මෙලෙස පැවසුවේය.

‘‘දිලානියා මම ඔයාට ගොඩක් ආදරෙයි.ට්

‘‘ඒක මම දන්නවා. මමත් ඔයාට

ගොඩක් ආදරෙයි. ඒකනේ මම ඔයත් එක්ක බය නැතුව ඕනෑම තැනක යන්න එන්නේ.

‘‘ඒක මම දන්නවා. දැන් ඔයා යාළුවොත් එක්ක හිටියා ඇති.

‘‘ඇයි එහෙම කියන්නේ. මට බැහැ ඒ ගොල්ලෝ නැතුව ඉන්න. හදිසියට ඉන්නේ ඒ අය විතරයි. මම වෙන කවුරුවත් මේ රටේ අඳුනන්නේ නැහැ.

‘‘ඔයා කිසි දේකට බය වෙන්න එපා. මම ඔයා බලා ගන්නම්. මම ඔයාට වෙනම එපාර්ට්මන්ට් එකක් ගත්තා.

‘‘අනේ ඇත්තටම.

‘‘ඔව්. එකේ වියදම් සේරම මම බලාගන්නම්. ඔයාට තියෙන්නේ ඇවිත් පදිංචි වෙන එක විතරයි

‘‘අනේ මට හිතාගන්නවත් බෑ.

‘‘ඒක තමයි ආදරේ කියන්නේ. අනික ඔයා ක්ලබ් එකේ වැඩ කරන්න ඕනෙත් නෑ. යන වියදම මං බලා ගන්නම්.

නේපාල ජාතික තරුණිය හිටපු ඇමැති පුතාගේ එම යෝජනාවට එක පයින්ම කැමැති වූවාය. ඉන් සතියකට පමණ පසු තම රටෙහි මිතුරියන්ගෙන් සමුගත් ඇය තම පෙම්වතා සොයා දුන් වැල්ලවත්ත නිවසේ පදිංචියට පැමිණියාය.

එය සැප පහසුකම් අතින් පිරුණු සුඛෝපභෝගී නිවසක් විය. නේපාල ජාතික තරුණිය පමණක් එහි නැවතී සිටියාය. හිටපු ඇමැතිවරයාගේ පුතා විටින් විට එම නිවසට පැමිණ තම අනියම් පෙම්වතිය සමග හැකි උපරිම අයුරින් සතුටු වී ගියේය. ඒ සමගම අවශ්‍ය මුදල් හදල් ඇතුළු සියලූම දෑ ඇයට ඔහු නිර්ලෝභීව ලබා දුන්නේය.

මාස තුනක් පමණ එලෙස ගත විය. හිටපු ඇමැති පුතාට ඇයගේ ඇසුර ක‍්‍රමක‍්‍රමයෙන් එපා විය. ඔහු ඇය අමතක කර වෙනත් තරුණියන් සමග විනෝද වීමට පටන් ගත්තේය. තම පෙම්වතා වෙනදා මෙන් නොව තමන් මඟහැර යන බව ඇය දැනගත්තාය. ඒ පිළිබඳ ඔහුගෙන් විමසුවත් නිසි පිළිතුරක් නොලැබුණි. ඒ අතර ඔහුගේ මිතුරියන් සමගද ඔහු ලොකු සම්බන්ධතාවයක් පැවැත්වූයේ නැත. ඒ තම පෙම්වතාගේ කීම අසාය. එම නිසා කාත් කවුරුත් නැති රටක තමන් තනි වුණා යැයි යන හැඟීමක් නිතරම ඇයගේ සිතේ පැන නැ`ගුනාය. ඒ සමඟම නොසිතූ ගැටලූ කිහිපයකට මුහුණ දීමටද ඇයට සිදුවූවාය. එම සමහරක් ගැටලූ ඇයට තනිවම විසඳා ගැනීමට පවා නොහැකි වූවාය. අවසානයේ ඇය අන්ත අසරණ වූවාය. එම නිසා ජීවිතය ගැන ඇය සිටියේ දැඩි කලකිරීමකිනි.

‘‘මගේ ප‍්‍රශ්නවලට කවුරුත් ඉදිරිපත් වන්නේ නැහැ. මට මේවා තනියම දරා ගන්නත් බැහැ. එක එක් කෙනාව විශ්වාස කරලා මගේ ජීවිතය නැති කරගත්තා. මට දැන් ජීවත් වෙලා වැඩක් නෑ. හො`දම දේ සියදිවි හානි කරගන්න එක. ඊළඟ ආත්මයේදී හරි සැනසීමක් ලැබෙයි එතකොට.

නිරන්තරයෙන්ම ඇය එලෙස සිතන්නට ඇත. අවසානයේ ජීවිතය එපා වන තරමටම ඇය අන්ත අසරණ තත්ත්වයට පත් වූවා වන්නට ඇත. එම නිසා පෙම්වතා විසින් තමන් වෙනුවෙන් කුලියට මිලදීගත් වැල්ලවත්ත ප‍්‍රදේශයේ සුඛෝපභෝගී නිවස තුළ ඇය ප‍්‍රශ්නාර්ථ රැසක් ඉතිරි කරමින් ගෙල වැලලාගෙන සියදිවි නසා ගත්තාය.

දිනය පසුගිය 29 දාය. එම නිවාස පරිපාලකයන් නේපාල තරුණිය පදිංචි වී සිටි නිවස දෙස විපරම් කළ බැලූවේය. ඒ දින කිහිපයකින් එම නිවසින් කිසිදු තොරතුරක් නොලැබුණු නිසාය. එලෙස විපරම් කිරීමේදී දැනගන්නට ලැබුණේය එහි පදිංචිව සිටි නේපාල තරුණිය ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.

නිවාස පරිපාලකයන් වහාම ඒ පිළිබඳව වැල්ලවත්ත පොලිසියට දැනුම් දුන්නේය. එම දැනුම් දීමට අනුව නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට ගෙල වැලලාගෙන මියගිය තරුණියගේ සිරුර සොයා ගැනීමට හැකිවිය.

එම නේපාල ජාතික තරුණියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී පොලිස් නිලධාරීන්ට දැනගන්නට ලැබී ඇත්තේ හිටපු ඇමැතිවරයකුගේ පුතෙක් මෙම තරුණිය සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි. එම පොලිස් නිලධාරීන් පැවසුවේ එම හිටපු ඇමැති පුතාගෙන් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගන්නා බවයි. මෙම ලිපිය ලියන මොහොත වන විටත් එම හිටපු ඇමැතිවරයාගේ පුතාගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන නොතිබූ අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට රෝහල්ගත කර තිබුණි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment