වන්දනාවේ ගිය හෙදියගේ ලක්ෂ 2 මාලය කඩයි

314

අනුරාධපුර වන්දනාවේ පැමිණ සිටි කුලියාපිටිය ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිනියකගේ ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුතු ගෙල බැඳි රන් මාලයක් ඊයේ (01දා) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් කඩා ගෙන ගොස් ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

කුලියාපිටිය කරන්තිප්පල ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි මෙම හෙද නිලධාරීනිය පවුලේ අයවලුන් සමග අනුරාධපුර සාලිය මාවතේ පිහිටි යෙහෙළියකගේ නිවසට පැමිණ සිටියදී මෙම කොල්ලය සිදුව ඇතැයි පොලිසිය කියයි.

හෙද නිලධාරිනියගේ පවුලේ අයවලුන් සහ අනුරාධපුරය පදිංචි යෙහෙළියගේ පවුලේ ඥාතීන් සමග වෑන් රථයකින් සහ යතුරුපැදියකින් විහාරස්ථානයක් වැඳ පුදා ගැනීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී අනුරාධපුර සාලිය මාවත මාවතේ පිහිටි වීරක්කොඩි පන්සල ආසන්නයේ දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පැමිණිලිකාරිය ගෙල බැඳි රන් මාලය මෙසේ කඩා ගෙන පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment