ඉන්දීය ප‍්‍රාන්ත මැතිවරණයේ ප‍්‍රාන්ත  5කින් 4ක ජය අගමැති මෝඩිට

202

ඉන්දියාවේ ප‍්‍රාන්ත සභා පහක් සඳහා පසුගියදා පැවති අතුරු මැතිවරණයේදී ප‍්‍රාන්ත සභා හතරක ජයග‍්‍රහණය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි ගේ භාරතීය ජනතා පක්ෂයට හිමිව තිබේ.

පෙරේදා (10ද) දිනයේ ප‍්‍රතිඵල නිකුත් වූ උත්තර්ප‍්‍රදේශ්, මනිපූර්, ගෝවා හා උත්තර්කණ්ඞ් ප‍්‍රාන්ත සභා හතරේම ජය භාරතීය ජනතා පක්ෂය විසින් හිමි කරගෙන ඇති අතර පන්ජාබ් ප‍්‍රාන්ත සභාවේ ජය මෙවර හිමි කරගෙන ඇත්තේ නව පක්ෂයක් වන ‘ආම් ආද්මි’ පක්ෂයයි. මේ අනුව මෙතෙක් පන්ජාබ් ප‍්‍රාන්ත සභාවේ බලය හිමි කරගෙන සිටි කොංග‍්‍රස් පක්ෂය මෙවර මැතිවරණයෙන් පරාජය වී ඇති අතර පාලක භාරතීය ජනතා පක්ෂය විසින් ජයගෙන ඇති ප‍්‍රාන්ත සභා හතරේද කොංග‍්‍රස් පක්ෂය මහජනතාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බව මැතිවරණ විචාරකයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment