ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර සමුගනී අවසන් කටයුතු ඊයේම සිදුවෙයි

872

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම දිනපතා පුවත්පත්වල මුල් පිටුවේ ඇතුළත් ප‍්‍රවෘත්ති, විශේෂාංග ලිපි, කී‍්‍රඩා ප‍්‍රවෘත්ති, කාටුන් කියවීමේ කලාව ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා වූ බන්දුල පද්මකුමාර මහතා ඊයේ (24 වැනිදා) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය.

මාස තුනක පමණ කාලයක සිට රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 71 වැනි වියේ පසුවිය.

1950 ජුනි 02 වැනිදා උපත ලැබූ බන්දුල පද්මකුමාර මහතා කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලැබීය.

යෞවන වයසේ සිටි ඒ මහතා 1970 දශකයේ ‘නිම් වළල්ල’ චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළේය. ‘අක්කර පහ’ චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ඔහු පසු කාලයක ‘සරසවි දියණියෝ’ චිත‍්‍රපටිය අධ්‍යක්‍ෂණය කළේය.

සිනමාවේ සිටි බන්දුල පද්මකුමාර මහතා අනතුරුව පුවත්පත් කලාවට අවතීර්ණ විය. 1970 දශකයේ යොවුන් හදවත් උන්මාදනීය කළ ‘කුමාරි’, ‘අරලිය’, ‘සරසි’ යන පුවත්පත් බිහිකරමින් ඔහු පුවත්පත් කලාවේ පෙරළිකාර චරිතයක් බවට පත්විය.

එසේම ‘සරසි’, ‘සත්සර’, ‘රැුජින’, ‘සමුදුර’ වැනි පුවත්පත්වල ද ඔහු ප‍්‍රධාන කර්තෘ තනතුර දරමින් පුවත්පත් කලාවේ අමුතුම වෙනසක් බිහි කළේය. එමෙන්ම ඔහු ජාතික පුවත්පත්වලට ‘ටැබ්ලොයිඞ්’ සංකල්පය හඳුන්වා දීමෙන් ද පෙරළියක් කළේය. ඔහුගේ එම සංකල්පය කොපමණ සාර්ථක ද කිවහොත් අනෙකුත් සියලූම ජාතික පුවත්පත්වලට ද ටැබ්ලොයිඞ් නැතිවම බැරි විය.

70 දශකයේදී ‘මල් පත්තරකාරයා’ නමින් ද ජනපි‍්‍රය වූ ඔහු ‘ගීතා’, ‘කුමාරි’ යන පුවත්පත් ආරම්භ කරමින් යෞවනයට නව අරුතක් ලබා දුන්නේය.

බන්දුල පද්මකුමාර මහතා ‘ලක්බිම’ ඉරිදා සංග‍්‍රහයේ ප‍්‍රධාන කර්තෘවරයාද වූ අතර 1990 දශකයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ද විය.

එමෙන්ම ඒ මහතා 2007 වර්ෂයේදී පත්තර මහ ගෙදර වන ලේක්හවුස් හෙවත් සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

පුවත්පත් ආයතනයක සභාපති ධුරය දක්වා පැමිණිය ද මුළු රටම බන්දුල පද්මකුමාර යන නාමය හඳුනා ගත්තේ ස්වර්ණවාහිනිය තුළින් සෑම දිනකම උදෑසන 6.30 සිට සජීවීව විකාශය වූ ‘මුල් පිටුව’ වැඩසටහන මගිනි. දිනපතා පුවත්පත්වල ඇතුළත්, ප‍්‍රවෘත්ති, විශේෂාංග ලිපි, කාටුන් ආදිය ඉදිරිපත් කෙරුණු ‘මුල් පිටුව’ වැඩසටහන ඉතාම ජනපි‍්‍රය විය. එය පසුකාලීනව අන් රූපවාහිනි නාලිකා ද අනුකරණය කරන්නට විය. අදටත් පත්තරවල විස්තර කියවීමේ කලාව ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක වෙමින් පවතී.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ බන්දුල පද්මකුමාර මහතා, ස්ටාර් කෙනකු බවට පත්වූයේ ස්වර්ණවාහිනි ‘මුල් පිටුව’ වැඩසටහන තුළිනි. ඉන් අනතුරුව ඒ මහතා 2018 දී මුල් පිටුව සියත ටී වී. නාලිකාව හරහා ද ඉදිරිපත් කරමින් රූපවාහිනි පේ‍්‍රක්‍ෂක හදවත් දිනාගත්තේය.

2016 වසරේදී බන්දුල පද්මකුමාර මහතා ඡුරසබඑ ඉදදන නමින් තමාගේම මුද්‍රණ ආයතනයක් ආරම්භ කළේය.

ඔහු 2004 වසරේදී ඉදිරිපත් කළ මුල් පිටුව සඳහා රයිගම් ජුරි සම්මානය ද, 2012 වර්ෂයේ ඔහු ස්වර්ණවාහිනිය තුළින් ඉදිරිපත් කළ ‘ලෝක සිතියම’ වැඩසටහන සඳහා රයිගම් සම්මාන උළෙලේ කුසලතා සම්මානය හිමිකර ගත්තේය.

ආචාර්යවරියක වන සමන්මලී පද්මකුමාර මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූ ඒ මහතා මුතූ පද්මකුමාර මහත්මියගේ දයාබර පියාණන් විය.

බන්දුල පද්මකුමාර මහතාගේ ඉල්ලීම මත ඒ මහතාගේ අවසන් කටයුතු ඊයේ (24 වැනිදා) සවස බොරැුල්ල කනත්තේදී සිදුකෙරිණි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment