හෝල්ඩර් සහ ජෝශප් යති

718

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානම වේගපන්දු යවන්නන් දෙදෙනා වන ජේසන් හෝල්ඩර් සහ අල්සාරි ජෝසප් ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සමග තරගයට සහභාගී නොවේ.

එමෙන්ම ඕමානය සමග ඊයේ පැවැති තරගයට ද ඔවුන් දෙදෙනා සහභාගී නොවූ අතර ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට සහභාගි වීම පිණිස ඔවුහු සිම්බාබ්වේ දේශයට වේලාසනින්ම සමු දී තිබුණි.

“ඔවුන්ට සුපර් සික්ස් වටයේ අවසන් තරග දෙක අහිමි වනු ඇති. මෙය ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියට පෙර ඔවුන්ගේ වැඩ බර කළමනාකරණය කිරීමේ අදහසින් ගත් තීරණයක්” බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නිවේදනය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment