යාපනය සහ මුලතිව් යටවෙන ලකුණු

246

ගතවු දින දෙකක කාලය තුළ යාපනය සහ මුලතිව් යන දිස්ත්‍රික්ක වලට ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම දිස්ත්‍රීක්කය තුළ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලව පවතී .

පවතින අයහපත් කලගුණය හමුවේ අවතැන් වු පවුල් කාකතිව් ධිවර සංගම් ගොඩනැගිල්ලේ තාවකාලිකව නවතැන් ගෙන සිටි.

වර්ෂාව හේතුවෙන් යාපනය තෙන්මරච්චි ප්‍රදේශයේ මඩුවිල් ප්‍රදේශයේ කුඹුරු ඉඩම්ද ජලයෙන් යටව පවතී ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලෙන වර්ෂා තත්වය දිගටම පැවතියහොත් මෙම ආපදා තත්වය තවත් ඉහළ යා හැකි බව ප්‍රදේශවාසීන් පවසයි

මේ අතර මුලතිව් දිස්ත’්‍රීක්කයට ඇදහැලෙන අඛණඩ වර්ෂාව හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටව ජන ජීවිතයට බලපෑම් එල්ලව පවතී
මෙම ප්‍රදේශයට ඉකුත් දින දෙකක කාළය පුරා අඛණ්ඩව වර්ෂාව පතිතව ඇති අතර ඒ හේතුවෙන් ජනතාවගේ නිවාස ඇතුළු බොහෝ පහත් බිම් ජලයෙන් යටව පවති
පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමග මරතමඩු වැව පිටාර ගැලීමට පටන් ගෙන ඇති අතර මේ හේතුවෙන් මයිල්කුන්සන්කඩිඉරිප්පු හා පාණ්ඩියන් යන ප්‍රදේශ වල ජනතාවට දැඩි බලපෑම් එල්ලව පවතී

advertistmentadvertistment
advertistmentadvertistment