නළු නිළියන්ට කේක් කවන විජිත රඟපෑමට – මගෙන් කේක් නොකාපු නළු නිළියෙක් නැති තරම්

111

අද අපේ කථානායකයත් කලාවට සම්බන්ධ චරිතයක්. මොහුගේ කලාව තමයි කේක් කලාව. නමින් විජිත කුමාර. මෑත කාලයේ විජිත හරි ජනප්‍රිය චරිතයක්. විජිතගෙන් කේක් නොකාපු නිළියක් නැති තරම්. හැබැයි අද අපි කතා කරන්නෙ විජිතගේ කේක් කලාව වගේම ඔහුගේ අලුත්ම වැඩේ ගැන. ඇත්තටම මොකක්ද මේ විජිත කරන්න හදන වැඩේ. හැමදාම නළු නිළියන්ට කේක් කව කව ඉන්න බැරි හින්දා විජිතත් ඔන්න රඟපාන්න සූදානම් වෙනවා. දැන් මේ ආරංචිය අහලා බලලා නළු නිළියෝ කලබල වෙයිද දන්නෙත් නැහැ. විජිත රඟපාන්නේ මොන වැඩේද කියලා දැන ගන්න මේ කතාව ක්‍රියාත්මක වෙනවා.

නළු නිළියන්ට කේක් කවන විජිත රඟපෑමට - මගෙන් කේක් නොකාපු නළු නිළියෙක් නැති තරම්

● විජිත දැන් නළු නිළියන් අතර හරි ජනප්‍රියයි නේද?

ඔව්. ඒක මම බොහොම අමාරුවෙන් හදාගත්තු දෙයක්. දැන් මගෙන් ගොඩක්ම කේක් හදාගන්නෙ ගායක ගායිකාවෝ නළු නිළියෝ තමයි. ඇත්තටම සන්තෝෂයි.

● සෙලිබි්‍රටිලා අතර ජනප්‍රිය වෙන එක ලේසි නැහැ?

ඔව්. මම මුලින්ම සෙලිබි්‍රටිලා කියලා කෙනෙකුට කේක් එකක් කළේ ලවන් අභිෂෙක්ට. ඒකෙන් යම්කිසි ප්‍රමාණයකට කට්ටිය මාව දැනගත්තා. ඊට පස්සෙ දිනක්‍ෂිගේ අම්මාට කේක් එකක් නිර්මාණය කළා. ඒක ඒ ගොල්ලන්ගේ සමාජ මාධ්‍යවල දැම්මට පස්සෙ තමයි ගොඩක් කට්ටිය මාව අඳුර ගත්තේ. එතැනින් පස්සෙ තමයි මට ගොඩක් කලාකරුවන්ගෙන් ආරාධනා ලැබෙන්නෙ.

නළු නිළියන්ට කේක් කවන විජිත රඟපෑමට - මගෙන් කේක් නොකාපු නළු නිළියෙක් නැති තරම්

● මේ වැඩේට මූලික අඩිතාලම වැටුණේ කොහොමද?

ඇත්තට මම ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක අවුරුදු 19 ක් වගේ වැඩ කළා. ඊට පසුව තමයි මගේම කියලා A taste of heaven කියලා ආයතනයක් පටන් ගත්තෙ. මා ළඟ තිබුණ වාහනයත් විකුණලයි මුලින්ම වැඩේ පටන් ගත්තෙ. දැන් මේ වෙනකොට හොඳ තැනක ඉන්නවා කියලා හිතනවා.

නළු නිළියන්ට කේක් කවන විජිත රඟපෑමට - මගෙන් කේක් නොකාපු නළු නිළියෙක් නැති තරම්

● උපන්දින වලට නළු නිළියන් කීදෙනෙකුට කේක් හදලා තියෙනවාද?

ඒක නම් උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක්. මොකද නළු නිළියන්ගෙන් මම කේක් හදපු නැති කෙනෙක් නැහැ. මගෙන් කේක් නොකාපු නළු නිළියෙක් නැති තරම්. හැමෝම මට තමයි කතා කරන්නෙ. හැදුවේ නැත්තේ කාටද කියන එකයි ප්‍රශ්නෙ. මගේ උපන් දිනයටත් නළු නිළියන් 400ක් විතර ආවා.

නළු නිළියන්ට කේක් කවන විජිත රඟපෑමට - මගෙන් කේක් නොකාපු නළු නිළියෙක් නැති තරම්

● නළු නිළියෝ තරහ වෙලා නැතිද?

ඒකනම් හරියට කියන්න දන්නේ නැහැ. විහිළුවට නම් මොනවා හරි කියනවා. කලාකරුවා් ඉල්ලන දේ අනුව තමයි ඒක වෙනස් වෙන්නෙ.

● රඟපාන්නත් ආරාධනා ලැබෙනවා කියන්නේ ඇත්තද?

අපොයි ඔව්. රඟපාන්න ආරාධනා ලැබෙනවා.

නළු නිළියන්ට කේක් කවන විජිත රඟපෑමට - මගෙන් කේක් නොකාපු නළු නිළියෙක් නැති තරම්

● විජිත ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න යනවා කියන්නේ ඇත්තද?

ඔව්. මමත් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න සූදානමින් ඉන්නෙ. ඒක ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ පටන් ගන්නවා. ඒකේ පිටපත ලියන්නේ බුද්ධිනී ජයවර්ධන අක්කා. රඟපාන්න නම් හැමෝම කතා කරනවා.

● ඔබ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරලා රඟපාන අදහසේ ද ඉන්නෙ?

මම තවම ඒ ගැන හිතලා නැහැ. නමුත් මට ආරාධනාවක් නම් ලැබුණා. බුද්ධිනී අක්කත් කතා කළා චරිතයක් රඟපාමු කියලා. මම රඟපාන්න ගියොත් මගේ වෘත්තියට අතපසුවීමක් වෙයිද කියලා හිතෙනවා. මොකද මගේ වෘත්තිය ඒක නෙමෙයිනේ. මගේ වෘත්තිය කේක් නිර්මාණය. මම ආස ඒකට. ෂූටින්වලට මාස ගණන් මට එළියේ නවතින්න බැහැ.

● එතකොට මේ වැඩේ අධ්‍යක්‍ෂවරයා කවුද?

ජනවාරි මාසයේ මුහුරත් උළෙල තියෙනවා. ඒ ගැන වැඩි විස්තර එදාට කතා කරමු.

● විජිතගේ වැඩේට නළු නිළියන් තෝරා ගැනීමත් ලොකු ප්‍රශ්නයක්?

නැහැ. ඒක මට ප්‍රශ්නයක් වෙන හින්දම පිටත් රචක බුද්ධිනී අක්කට වගේම අධ්‍යක්‍ෂවරයාට ඒ වැඩේ භාර දීලයි තියෙන්නෙ.

● ඔබටත් චරිතයක් රඟපාන්න හිතෙන්නේ නැතිද?

හිතෙනවා. පිටපත් රචක බුද්ධිනී අක්කත් චරිතයක් කරමු කරමු කියලත් කියනවා. මම ඉතිං බුද්ධිනී අක්කට කිව්වෙත් මගේ රස්සාව මිස් කරගන්න බැහැ කියලයි. රඟපෑම මගේ වෘත්තිය නොවන නිසා රඟපෑමට ගිහිල්ලා මගේ වෘත්තිය මගහැරගන්න ආස නැහැ.

● ඇයි මේ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න හිතුවේ?

මට ඇත්තටම ඒක ගැන අදහසක් තිබුණේ නැහැ. ඇත්තටම මම කලාකරුවෝ හැමෝටම ආදරෙයි. ඒක තමයි මම ඒ ගොල්ලෝ එක්ක මෙච්චර එකතු. පිටපත් රචකයන්, අධ්‍යක්‍ෂවරුන් මුණගැසෙන කොට මට හිතුණා ඒ අත්දැකීමත් ගන්න ඕනෑ කියලා. ඒක හින්දම එක ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න හිතුවා.

● පසුගිය දවස්වල ජයටම උපන් දිනය සැමරුවනේ?

ඔව්. මගේ 40 වැනි උපන් දිනය තමයි සැමරුවේ. මම ගොඩක් වෙලාවට වැඩ කරන්නේ කලාකරුවෝ එක්ක. ඉතිං මට ඕනෑ වුණා ඒගොල්ලො එකතු කරලා සාදයක් පවත්වන්න. අනික මම ඒක කළේ පබ්ලිසිටි බලාගෙන නෙමෙයි.

● උපන් දින පාටිය කිව්වේ නැහැ කියලා නළු නිළියෝ තරහ වුණේ නැතිද?

ඇත්තටම හිටියා. මගේ ආරාධනා ලිස්ට් එක ඒ ෆෝ ෂීට් දහයක්. මට මිස්වුණ අයත් හිටියා. නමුත් ඒගොල්ලො තරහ නැහැ.

● දිනක්‍ෂිගේ කේක් එක හැදුවට පස්සේ ජීවිතයේ ලොකු වෙනසක් වුණා නේද?

ඒකෙන් තමයි ලොකු පෙරළියක් වුණේ. ප්‍රියසාද් ෆැමිලි එක අදටත් මට උදව් කරනවා.

● පාසල් යන කාලේ ඉඳලා මේ වැඩේට දක්‍ෂද?

පාසල් යන කාලේ මම ගොඩක් වෙලාවට අත්වැඩවලට තමයි දක්‍ෂ. රුක්මාල් ටීචර් තමයි මගේ හැකියාවන් දැනගෙන ගොඩක් උදව් කළේ. ඊට පස්සෙ හෝටල් ස්කූල් ගිහිල්ලා තමයි මේ වැඩේට එකතු වුණේ. මගේ අක්කයි අයියයි මට ගොඩක් උදව් කරනවා.

● දැන් ඉතිං චිත්‍රපටවලටත් කේක් නිර්මාණයෙන් දායක වෙනවා නේද?

ඔව්… ඔව්… කදිර දිව්‍යරාජ, කතුරු මිතුරු චිත්‍රපටවල දින 100, දින 50 සපුරන කොටත් කේක් නිර්මාණය කරන්න ආරාධනා ලැබුණා.

● මෑත කාලයේ ශලනිගේ වෙඩින් කේක් එක ගැනත් කතාබහ වුණා?

ශලාගේ ඔක්කොම වැඩ කළේ මමයි. ශලාගේ වෙඩින් එකට කේක් දෙකක් හැදුවා.

● වයිරල් වුණ මහේෂිගේ වෙඩින් ඇනිවසරිය?

ඔව්. මහේෂිගේ කේක් එක කළෙත් මම. මෑත කාලයේ කලාකරුවන්ගෙන් වැඩියෙන්ම වයිරල් වුණු ඒවා තමයි ශලාගේ සහ මහේෂිගේ පිංතූර.

● එතකොට දේශපාලනඥයෝ අමතක කරලාද?

මම දේශපාලනඥයන්ටත් කේක් හදනවා. නමුත් සමාජ මාධ්‍යයට මුදා හරින්නේ නැහැ. මොකද අපේ සමාජයේ මිනිස්සු අතර ඔවුන් සමග විවිධ ප්‍රශ්න තියෙනවානේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment