අනුරාධපුර – ඕමන්ත දුම්රිය අද ඇරඹෙයි

171

පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් ධාවනය කළ හැකි ලෙස නවීකරණය කරන ලද අනුරාධපුර සහ ඕමන්ත අතර දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (15 වැනිදා) සිට ආරම්භ වේ.

මහව සිට ඕමන්ත දක්වා පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන පරිදි උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2019 වර්ෂයේදී ය.

2022 වසරේ නොවැම්බර් මස අවසන් කිරීමට නියමිතව තිබූ එම ව්‍යාපෘතිය මෙරටට බලපෑ කොවිඩ් සහ ආර්ථික අර්බුද හමුවේ තාවකාලිකව නතර කෙරිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment