සනත් නිශාන්ත උසාවියට අපහාස කළාද – පෙත්සම් තුන සැප්තැම්බරයේ යළි කැඳවයි

66

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ලවී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් තුන ලබන සැප්තැම්බර් 27 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (13දා) නියෝග කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේදී එම පෙත්සම කැඳවිණි.

2022.05.28 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් මගින් වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් එබැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා මහෙස්ත්‍රාත්වරුන් හා දිසාවිනිසුරුවරුන් සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය, නීතිඥ ප්‍රියලාල් සිරිසේන, නීතිඥ විජිත කුමාර යන පැමිණිලිකරුවන් එම පෙත්සම් ගොනුකර තිබිණි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ සුගත් කල්දේරා මහතා පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළේය. නීතිඥ තිලකරත්න මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment