ජෙරම් ගුවන්තොටේදී අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

87

බොදු දහමට අපහාසයක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන විට කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී හෝ අතරමග දී අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තහනම් නියෝගයක් නිකුත් කළේය.

තමා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරම් පුනාන්දු දේවගැතිවරයා ගොනුකර තිබූ පෙත්සමක් සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන මහත්වරු එම නියෝගය නිකුත් කළහ.

ශ්‍රී ලංකාවට පැමිණ පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ද විනිසුරු මඬුල්ල පෙත්සම්කාර දේවගැතිවරයාට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment