දකුණු ආසියා කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියට – ශ්‍රී ලංකා කණ්ඩායම යයි

97

දකුණු ආසියා කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලය බලා පිටත්ව ගියේය.

දකුණු ආසියා අවුරුදු 17න් පහළ සහ අවුරුදු 15න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන 18 වැනිදා සිට 22 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර ටි්‍රපූර්ෂ්වෝර් හි ජාතික ක්‍රීඩා කවුන්සිලයේදී පැවැත්වේ.

රනිත්මා ලියනගේ, නෙත්මි අමායා රත්නායක, සිතුලි රණසිංහ, රනුමි සුහස්නි මානගේ, සෙනුත් සෙත්මිණ පෙරේරා, කෙනෙත් අරුග්ගොඩ, තිඩද ඉරුෂික වේරගොඩ සහ හිරුක සහන්මිත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙති. පුහුණුකරු ලෙස හසිත චානක මහතා එක්වී සිටින අතර, ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස ධම්මිකා විතානගේ මහත්මිය ද සංචාරයට එක්වූවාය.

එම කණ්ඩායම ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment