හදිසියකදී පමණක් පෞද්ගලික විදුලි බලාගාර සහායට අවසර

135


හදිසි අවශ්‍යතාවයකදී පමණක් පෞද්ගලික විදුලි බලාගාර වලින් ජාතික විදුලි පද්ධතියට විදුලි සැපයුමක් ලබාගැනීමට රජය තීරණය කර ඇත.ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතාට අවසර ලබාදුන් බව සම කැබිනට් ප‍්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.එහිදී වසර තුනක කාලයක් පෞද්ගලික විදුලි බලාගාර වලින් විදුලිය ලබාගැනීමේ කොන්දේසියකට යටත් නොවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment