දළදා මාළිගාව ආසන්නයේ සම්බාහන මධ්‍යස්ථානයක් ඇරැඹීම නවතී

170

ශ්‍රී දළදා මාළිගාව පෙනි පෙනී සම්බාහන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබඳව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමෙන් පසු ඊයේ (18 දා) පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම සම්බාහන මධ්‍යස්ථානය ආරම්භ කිරීම තහනම් කිරීමට ඒකමතිකව පියවර ගනු ලැබීය.

මාළිගාවේ ප්‍රවේශ දොරටුව ආසන්නයේ ආයුර්වේද වෙළඳ සේෆ් යන නාමයට මුවා වී සම්බාහන මධ්‍යස්ථානයක් මෙලෙස ආරම්භ කිරීමට කටයුතු යොදා තිබූ අතර මේ පිළිබඳ නායක හිමියන් දැන ගැනීමෙන් පසුව ආණ්ඩුකාරවරයාගෙන් එය තහනම් කරන ලෙස ඉල්ලීම සිදුකොට ඇත.

මෙහිදී කරුණු දැක්වූ ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතා, පූජා නගරයේ හා අධි ආරක්ෂිත කලාපයේ මෙවැනි ක්‍රියා සඳහා කිසිසේත් ඉඩ ලබා නොදිය යුතු බවත්, සම්බාහන ආයතනයන් නියාමනය පිළිබඳව විශාල ගැටලුවක් රට තුළ පවතින බවත් පෙන්වා දෙන ලදී.

මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මගින් අධි ආරක්ෂිත කලාපය හා පූජනීය නගරය තුළ මෙවැනි සම්බාහන මධ්‍යස්ථාන සඳහා අවස්ථාව ලබා නොදීමට එකඟත්වය පළ කරන ලදී. 2024 වර්ෂයේ පැවැති පළමු දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනකු සහභාගි වී සිටියහ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment