කඳුළ පරදා දිවයින දිනවූ දිරිය දියණිය නෙත්මි

404

ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසය වෙනස් කරමින් පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට නෙත්මි අහිංසා සමත්වූවාය. ඒ කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තිය යටතේ ලෝකඩ පදක්කම දිනා  ගනිමිනි.

 ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලකදී මල්ලව පොර ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලැබූ පළමු පදක්කම එය ලෙසින් වාර්තා පොතට එක් වෙද්දී 18 වැනි වියේ පසුවන නෙත්මි අහිංසා පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනූ ලාබාලතම ක්‍රීඩිකාව ලෙසින් වාර්තා පොත් අතරට එකතු වූවාය.

 අවසන් පූර්ව වටයේදී පසුගිය පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියේදී ඉන්දියාවට පළමු වරට පදක්කමක් දිනා දුන් අනුෂා මලික් හමුවේ 10-0ක පරාජයක් අත්විඳීමට නෙත්මි අහිංසාට සිදුවූවාය. ඒ අනුව එම වටයේ පරාජයත් සමගින් ලෝකඩ පදක්කම වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවේ අයරීන් සිමියොනිඩිස් සමග තරග වැදුණු නෙත්මි අහිංසා එම තරගයේදී 10-0ක් ලෙසින් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකාව පරාජයට පත්කරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වූවාය.

 මේ අතර නෙත්මිට අමතරව කාන්තා කිලෝග්‍රෑම් 62 බර පන්තියෙන් අර්ධ අවසන් පූර්ව වටයට තරග කළ සචිනි වේරදූවගේ නයිජීරියානු ක්‍රීඩිකා එස්තර් ඔමෝලයෝ හමුවේ 10-0ක පරාජයක් ලැබුවාය. සචිනිගේ පදක්කම් සිහිනය බොඳව යද්දී පිරිමි කිලෝ ග්‍රෑම් 86 බර පන්තියෙන් තරග කළ සුරේෂ් ප්‍රනාන්දු මුරුසියේ ජෙන් ෆ්‍රේඩ්රික් පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර එම වටයේදී කැනඩායෝ අලෙක්සැන්ඩර් මූර් හමුවේ 10-0ක පරාජයක් අත්විඳිමින් පදක්කම් සිහිනය අතහැර  ගැනීමට සුරේෂ්ට සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment