ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලීමක්

323


ජනාධිපති මන්දිරයෙන් අතුරුදන් වී ඇති නිල ලාංඡනය සොයාගැනීමට සහාය වන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මහ ජනතාවලෙන් ඉල්ලීමක් කරයි.

ඒ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමකින් යුතු ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් එය ජූලි 31 වැනිදාට පෙර ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙසය.

2022/07/09 වන දින සිට 2022/07/14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන එහි රැඳී සිටි කාලසීමාව තුළ දී ජනාධිපති මන්දිරය තුළ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් අතුරුදන් වී ඇත.හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන ගණනාවක් ඒ අතර ඇතැයි පවසයි.

නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡනය යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්කතයේ තබාගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් දැනුම්දී ඇත.

ඒ අනුව ඒ පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0772 354 354 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත කරන ලෙස ද ඉල්ලා සිටියි. ජනාධිපති ලේකම්වරයා ජාතික වැදගත්කමකින් යුතු මෙම නිල ලාංඡන සොයාගැනීමට ජනාතාව දක්වන සහාය ඉතා අගය කරන බව ද දැනුම්දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment