පූර්ණ එන්නත් ගත් අය ලංකාවට එද්දී පීසීආර්  රැපිඞ් පරීක්‍ෂණ ඕනෑ නෑ

192

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයන්ට හෙට (මාර්තු 01 වැනිදා* සිට පූර්ව පී.සී.ආර්. හෝ රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණවලට ලක්වීම අවශ්‍ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

දිවයිනට පැමිණීමට සති දෙකකට පෙර පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයන්ට මෙලෙස පූර්ව කොවිඞ් පරීක්‍ෂණ අවශ්‍ය නොවන බව එම අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ‘දිවයින’ට පැවසීය.

එන්නත් මාත‍්‍රා දෙකක් ලබා ගැනීම පූර්ණ එන්නත්කරණය ලෙස සලකන අතර වයස අවුරුදු 18 ට අඩු දරුවන් සඳහා එක් එන්නත් මාත‍්‍රාවක් ලබා සිටීම පූර්ණ එන්නත්කරණය ලෙස සලකනු ලබයි.

එසේම අවසන් මාස 6 තුළ කොවිඞ් ආසාදිතව සිටි බවට ලිඛිත සාක්‍ෂි සහිත පුද්ගලයන්ට එක් එන්නත් මාත‍්‍රාවක් ලබා සිටීම ප‍්‍රමාණවත් වන අතර, මාස 6 කට පෙර ආසාදිතව එක් එන්නත් මාත‍්‍රාවක් ලබා සිටින්නේ නම් කොරෝනා පරීක්‍ෂාවට ලක්විය යුතු වේ.

පූර්ණ එන්නත්කරණය නොලැබූ අනෙකුත් සියලූම සංචාරකයන් ද ශ‍්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර එලෙස කොවිඞ් පරීක්‍ෂාවකට ලක්විය යුතුය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment