කොච්චර වැස්සත් වාරි ජලය තාමත් 35% මට්ටමේ අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලයි

45

වාරි ජලාශවල ජල මට්ටම් තවමත් සියයට 35ක් වැනි තත්ත්වයක පවතින නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්‍ෂ ඒ. එස්. පී. සුගීෂ්වර (ජල සම්පාදන හා ආපදා) මහතා ඉල්ලා සිටී.

පසුගිය දින කිහිපය තුළ ගාල්ල, මාතර ප්‍රදේශවලට ඇදහැළුණු වර්ෂාපතනයත් සමග එම දිස්ත්‍රික්කවල ගංගා පිටාරගැලීම නිසා පහත් බිම් ජලයෙන් යටවී තිබුණද මේ වනවිට එම ජල මට්ටම් අඩුවෙමින් පවතින බව ඒ මහතා කීය. කෙසේ වෙතත් නිල්වලා ගඟ ඇතුළු ගංගා කිහිපයක ජල මට්ටම ඉහළගොස් ඇති බවත් එම ගංගාවල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාපතනය පතිත වුවහොත් එම ගංගා නැවත පිටාර ගැලීමේ හැකියාව පවතින නිසා ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය බස්නාහිර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පවතින බවද ක්‍ෂණිකව ඇතිවන වර්ෂාපතනවල වැඩිවීම් නිසා බස්නාහිර, ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර යන දිස්ත්‍රික්කවල වැසි ජලය එක්රැස්වීම් ද වාර්තා විය හැකි අතර එවැනි තත්ත්වයක් පෙරේදා (15දා) බණ්ඩාරවෙල නගරයෙන් වාර්තා වූ බවද ඔහු කීය. එවැනි තත්ත්වයක් කල්වේලා ඇතිව ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැතැයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment