ශිෂ්‍යත්ව ලකුණු සන්සන්දනය කරන්න එපා අසමත් දරුවන්ට බනින්න එපා – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

56

පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වූ දරුවන්ට බනින්න ගහන්න එපා. දෙමාපියන් එසේ කිරීම තුළින් දරුවන් අනාගතයේදී මුහුණ දෙන විභාගවලදී දැඩි ලෙස බියට පත්විය හැකි යැයි කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ට ඊයේ (17 දා) පැවසීය.

පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන්ගේ දෙමාපියන්ට ලබාදිය හැකි පණිවිඩය කුමක්ද යන්න විමසා සිටි අවස්ථාවේ ඔහු එසේ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

සමහර දරුවන්ගේ දෙමාපියන් පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් අසමත් නම් ඒ දරුවට බනිනවා. එක්කො ගහනවා. ඒ වගේම පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් තමන්ගේ දරුවා පාස් නම් අනිත් දරුවන්ගේ ලකුණු සමඟ සන්සන්දනය කරන්න යනවා. මේ තත්ත්වයන් දෙක තුළදීම දරුවන් දැඩි ලෙස මානසිකව ඇද වැටෙනවා. ලකුණු අඩුවීම ගැන ළමයාට බැනීම තුළින් එයා අනාගතයේදී මුහුණ දෙන විභාගවලදී පවා දැඩි ලෙස බියට පත්වෙනවා. ඒ වගේම පසු බසිනවා. මේ තත්ත්වය තුළ ළමයා විභාගය ෆේල් වෙන්නත් පුළුවන්. ඇයි ළමයා පීඩනයෙන් ඉන්නේ මම විභාගය ෆේල් වුණොත් අම්මයි තාත්තයි ගහයි කියලා. ඉතිං දරුවා හැම වෙලාවෙම බයවෙන්න පුළුවන්.

මේ නිසා පහේ ශිෂ්‍යත්ව විභාගය කරලා මොන ප්‍රතිඵලය ආවත් දරුවාගේ කැපවීම හා දක්‍ෂතාවය දෙමාපියන් අගය කරනවා නම් දරුවාගේ මනසට හොඳයි. එහෙම අගය කළාම දරුවා හොඳ මානසික තත්ත්වයෙන් විභාගයට මුහුණදීලා විභාගයත් සමත් වෙනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment