බෙත්ලෙහෙමේ මෙවර නත්තල් නැහැ

269

ගාසා තීරයට එල්ලවන ප්‍රහාරවලට විරෝධය පළ කරමින් බෙත්ලෙහෙම් නගරයේ මෙවර නත්තල් සැමරීම් අත්හිටුවා ඇත.

බෙත්ලෙහෙම පාලනය වන්නේ පලස්තීන නගරයක් ලෙස ය. ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළකිරීමක් ලෙස මෙලෙස නත්තල් සැමරුම් අත්හිටුවීමත් සමඟ මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරයේ නත්තල් සැමරුම් සිදු නොවන්නේ පළමු වරටය. සාම්ප්‍රදායිකව බෙත්ලෙහෙම් නගරය තුළ අති උත්කර්ෂවත් අයුරින් නත්තල් සැමරුම් පැවැත්විණි. ජේසුස් වහන්සේගේ උපන් නගරය වන බෙතෙලෙහෙම් නගරය එහි වාසය කරන ජනතාව විසින් නත්තල් සැරසිලිවලින් සහ වර්ණවත් විදුලි බුබුළු දල්වමින් අලංකාර කරති.

advertistmentadvertistment
advertistmentadvertistment