නොරොච්චෝල දෙවැනි යන්ත්‍රය  11 – 12 ජාතික පද්ධතියට

108

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා නතර කර තිබෙන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ දෙවැනි යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර මේ මස 11 හෝ 12 එහි නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමට එම බලාගාර ඉංජිනේරුවන් අදහස් කර ඇත.

වසර 06 කට වරක් සිදුකළ යුතු අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා මෙම දෙවන යන්ත්‍රය ක්‍රියාවිරහිත කළ අතර ඒ හේතුවෙන් මෙගවොට් 270 ක් ජාතික පද්ධතියට අහිමි විය.

මීට අමතරව පසුගිය 26 වැනිදා බොයිලේරුවක නළ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම බලාගාරයේ තුන්වැනි යන්ත්‍රයේ ද දෝෂයක් හට ගැනීම නිසා එය නතර කර එහි අලුත්වැඩියා කටයුතු සිදුකර පෙරේදා (01 දා) රාත්‍රියේදී එහි නිපදවූ මෙගවොට් 270 ක් ජාතික පද්ධතියට එක්කරනු ලැබීය.

බලාගාරයේ යන්ත්‍ර තුනේ මෙගාවොට් 900 ක් නිපදවා ජාතික පද්ධතියට මෙගාවොට් 810 ක් එක්කරනු ලබයි. මේ වන විට දෙවැනි යන්ත්‍රය අක්‍රියව පවතින නිසා මෙගාවොට් 540 ක් ජාතික පද්ධතියට එක්කර තිබේ. මේ වනවිට අක්‍රියව පවතින දෙවැනි බලාගාරයේ නඩත්තු කටයුතු මේ මස මැද වන විට අවසන් කර එහි නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක්කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ද ට්විටර් පණිවුඩයකින් ප්‍රකාශ කර ඇත.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment