ක්‍රිමියාව – රුසියාව යා කරන යුරෝපයේ දිගම පාලමේ ට්‍රක් බෝම්බයක් පිපිරී මරණ 3ක්

536

සමාන්තර රේල් පාරේ ගිය දුම්රියක තෙල් ටැංකි හතකුත් ගිනි ගනී

ක්‍රිමියා අර්ධද්වීපය හා රුසියාව සම්බන්ධ කරන යුරෝපයේ දිගම පාලමේ සිදුවූ ට්‍රක් රථ බෝම්බයක් පිපිරීමකින් තිදෙනකු මරුමුවට පත්ව ඇත.

පසුගිය සෙනසුරාදා (08දා) රුසියානු වේලාවෙන් උදෑසන 6 ට පමණ ලොරි රථයක් පාලම උඩදී පිපිරී ගොස් ඉන් පාලමේ කොටසක් කඩා වැටී ඇති අතර පිපිරීම හේතුවෙන් ඊට සමාන්තරව පිහිටි රේල් පාරේ ගමන් කරමින් තිබූ දුම්රියක ඉන්ධන ටැංකි හතක් ද ගිනි ගැනීමට ලක්වී තිබිණි.

මෙම පාලමේ දිග කිලෝ මීටර 19 කි. ට්‍රක් රථ බෝම්බ ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් යුක්‍රේනයේ සැලැස්මක් මත සිදු වන්නට ඇතැයි විශ්වාස කරන බවත් රුසියානු බලධාරීහු පවසති. ‘සියවසේ ඉදිකිරීම්’ ලෙස රුසියානු මාධ්‍ය විසින් හඳුන්වනු ලැබූ මෙම පාලම දකුණු යුක්‍රේනයට හමුදා උපකරණ, පතොරම් සහ හමුදා ගෙනයෑම සඳහා රුසියාවට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. මෙම පාලම 2014 දී රුසියාව විසින් ක්‍රිමියානු අර්ධද්වීපය තම රටට ඈඳාගැනීමේ ප්‍රධාන සංකේතයක් ද වේ.

සෙනසුරාදා සිදුවූ දැවැන්ත පිපිරීමකින් පසු රුසියාව ක්‍රිමියාවට ඇති එකම පාලමේ ආරක්ෂාව තර කර තිබිණි.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment