ඩෙංගු මරණ 27 ක්

117

මෙම වසරේ (2023) මේ දක්වා කාලයේදී ඩෙංගු මරණ සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළ නැඟ ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එසේම, මෙම වසරේ ගතවූ මාස 5 යි දින 13 තුළ දිවයිනෙන්ම සමස්ත ඩෙංගු රෝගීන් 44,058 දෙනකු හඳුනාගෙන ඇතැයි ද එම ඒකකය කියයි. ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 21,967 ක් බවත් එම ඒකකය පවසයි.

දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 67 ක් ඩෙංගු අධි අවදානම් සහිත කොට්ඨාස හැටියට හඳුනාගෙන ඇතැයි ද එම ඒකකය පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment