අවුරුදු නවයේ දියණිය කෙලෙසූ නරුම පියා රක්‍ෂිතයට

884

පවුලේ එකම දරුවා වූ වයස අවුරුදු නමයක් වූ බාල වයස්කාර දැරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ දැරියගේ පියා වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුගිය (10දා) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ වේයන්ගොඩ බලබෝව ප්‍රදේශයේ පදිංචි එක්දරු පියකි. අපයෝජනයට ලක්වූ දැරිය පියා සහ මව එකම කාමරයේ එකම ඇඳක නිදා ගැනීම සිදු කරන බවත් දැරිය අධ්‍යාපන කටයුතුවලට බොහෝ දුර්වල බැවින් මව විසින් ඊට හේතුව සොයා ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත දැරිය යොමු කළ අවස්ථාවේ දැරිය සිද්ධිය සම්බන්ධව වෛද්‍යවරයා වෙත පවසා ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. පසුව වෛද්‍යවරයා විසින් සිද්ධිය වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පියා අත්අඩංගුවට ගෙන ඇත. දැරියගේ මව සිද්ධිය දැන සිටියත් සැමියාගේ තර්ජන හමුවේ නිහඬව සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසන්ක රංගන මහතාගේ උපදෙස් මත පො. ප. කවිරාජ්, පො. කො. 87712 දිලන්ක යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.
වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment