අයවැයේ හොඳ නරක දෙකම තියෙනවා පොහොට්ටුව හොඳ ඒවාට සහාය දෙනවා – හිටපු ජනපති මහින්ද කියයි

73

මෙවර ඉදිරිපත් කළ අයවැයේ හොඳ සහ නරක යෝජනා දෙවර්ගයම ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම යෝජනාවලින් හොඳ ඒවාට සහයෝගය ලබාදෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (14දා) එම පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ අයවැය යෝජනා හරියට ක්‍රියාත්මක කිරීමට නම් මුදල් සොයා ගත යුතුව ඇති බවයි.

එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සම්ප්‍රදායිකව අයවැය සකස් කිරීමේදී පළමුවෙන් වියදම් ඇස්තමේන්තු කර පසුව ආදායම් ඇස්තමේන්තු කරන නමුත් මෙවර ආදායම් ඇස්තමේන්තු කර පසුව වියදම් ඇස්තමේන්තු කර තිබෙන බව පැවසීය. එමෙන්ම පුනරාවර්තන වියදම් විශාල ලෙස වැඩිකර ඇති නමුත්

ප්‍රාග්ධන වියදම් එතරම් විශාල මුදලකින් වැඩිකර නොමැති බවත් එම නිසා අපේක්ෂා කරන ප්‍රමාණයට ආර්ථිකය ප්‍රසාරණය කර ගැනීමට නොහැකි වන බව හෙතෙම කීවේය. ආර්ථිකය සියයට 1.8 කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන නමුත් එම ඉලක්කය අපහසු යැයි සිතන බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා ප්‍රතිපත්තිමය කාරණාවලට ජනතාවගේ බඩ පිරෙනවා නම් තමන් ඒ පිළිබඳව සතුටු වන බව කියා සිටියේය.

එරික් ගාමිණි ජනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment