මන්ත්‍රීවරු අටදහසට වියදම වැඩිනම් දීමනාව සියයට පනහකින් අඩු කරන්න අපි එකඟයි!

101

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජජබ) – ඊයේ (10) පාර්ලිමේන්තුවේදී

ජනතාව ඡන්දය ඉල්ලන්නේ නෑ කියලා පාර්ලිමේන්තුවේ කිව්වට ජනතාව අතරට ගිහින් කියන්නේ නැහැ ජනතාව ඡන්ද ඉල්ලන ඉල්ලන වෙලාවට ඡන්දෙ දෙන්නෙත් නැහැ. ව්‍යවස්ථාවෙන් නියමිත කාලයේදී ඡන්දය පැවැත්විය යුතුයි.

ජනාධිපති ඡන්දෙ ආවාම රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරය හිස් කියලා කියයි සල්ලි නැහැ මම දිගටම ඉන්නම් කියලා.

ඡන්දයට මිලියන 1,100 ක් අවශ්‍ය බව මැතිවරණ කොමිසම දැනුම් දුන්නා. ඉතිරිවා පසුව දෙන ඒවා. සල්ලි නැහැ නොවෙයි ආණ්ඩුවට ඡන්ද නැහැ. ඡන්දයට ආණ්ඩුව බයයි. වසර පහක් කල්තියා ඡන්ද ක්‍රමය හදන්න තිබුණා. හදිසියේම මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න යන්නේ ඡන්දය කල් දාන්න පමණයි. මන්ත්‍රීවරු 8000 ට වියදම් දරන්න අමාරුයි නම් දීමනාව හරි අඩකින් අඩු කරමු. අපි මේ යෝජනාව ගේන්නම්. තවත් සල්ලි මදිනම් සියයට 75 ක් අඩු කරමු. අපි එකඟයි. සල්ලි නොවෙයි ප්‍රශ්නය දෙයක් කරන්න බැරි වුණාම විවිධ හේතු ගෙන එනවා.

පාලකයෝ අපරාධ, වංචා, දූෂණ අකාර්යක්‍ෂමතාව සියල්ල වසා ගන්නේ ඡන්ද ප්‍රතිඵලවලට මුවා වෙලයි. තමන්ගේ අසාර්ථකභාවයේ සුජාතභාවය රැකගන්න කඩ කඩ ඡන්ද තිබ්බා. කවදාවත් අද තත්ත්වය ඔවුන් අපේක්‍ෂා කළේ නෑ. ග්‍රාමීය ජනතාව බය කරන්න ප්‍රාදේශීය චන්ඩි හිටියා. සමෘද්ධිය කපනවා. රෑට තර්ජනය කරනවා. චණ්ඩි මත තවදුරටත් යැපෙන්න බැරි තත්ත්වයක් රටේ අද ඇතිවෙලා. ජනතාවට බඩු බෙදන්න බැහැ. ජනතාව දන්නවා හොරකම් කරලා බෙදනවා කියලා. තවදුරටත් ඡන්ද හරහා තමන්ගේ අපරාධවලට සුජාතභාවයක් දෙන්න බැරි නිසා පාලකයන් ඡන්දයට බයයි. ඒනිසා මේ අය ඡන්දෙ තියන්නේ නෑ. ව්‍යවස්ථාවේ තමන්ට හැංගී ඉන්න බැරිවූ විට එය කඩා ගෙන යෑමට ඔවුන් කටයුතු කරනවා. තමන්ගේ හොර වංචා ආරක්‍ෂා කරගන්න ව්‍යවස්ථාව කුඩයක් බවට පත් කරගත්තා. දැන් ඒ ව්‍යවස්ථාව තමන්ට ආරක්‍ෂා වෙන්න යොදවා ගන්න බැහැ.

අධිකරණයේ තීන්දු තමන්ගේ බලයට තර්ජනයක් බවට පත්වෙලා. මේ අයට ඡන්ද ව්‍යවස්ථා, අධිකරණ උත්තරීතර වෙන්නේ ඒ තුළ තම බලය ආරක්‍ෂා වෙනකල් පමණයි. එසේ නොවන අවස්ථාවල මේවා හුදු හිස් ගොඩනැගිල්ලක් හා කොළ කෑල්ලක් පමණක් බවට පත් වෙනවා.

ගෝඨාභයට ලැබුණෙ රනිල්ට එරෙහි ජනවරමක්. අද රනිල්ට මේ ජනවරම භාවිතා කරන්න බැහැ. ඒ නිසා පුංචි ඡන්දය පවත්වා හෝ ඒ ජනවරම නිවැරැදිද කියා බැලිය යුතුයි. පාර්ලිමේන්තු මැතිවරණයේ ජනවරමත් විකෘති වෙලා. මේ විකෘතිය නිසා යළි ජනවරමක් අවශ්‍යයි.

අද හමුදාව පොලු කරේ තියාගෙන යනවා. හමුදා ප්‍රකාශක කියනවා ඒ හමුදාව ද කියා අපි දන්නේ නැහැ කියලා. කඳුළු ගෑස් නිසා අපේ සහෝදරයෙක් මිය ගියා. කොළඹ විශ්විiාලයේ ආරක්‍ෂක නිලධාරියෙක් කඳුළු ගෑස් නිසා මිය ගියා. මේ මොකක්ද වෙන්නෙ කියා පැහැදිලියි. ජනාධිපති පාළු පිටියක කඩුව කරකවමින් ජනතාව බිය ගන්වනවා. මෙයින් වෙන්නේ ඔහුටම බඩ කපාගන්නයි. මේ ඔහුගේම විනාශය තමයි ඇති කර ගන්නේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment