උද්ඝෝෂකයන් නිහඬ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්: සජිත්ගෙන් ට්විටර් පණිවුඩයක්

66

මූලික අවශ්‍යතා වෙනුවෙන් උද්ඝෝෂණය කරන පිරිස නිහඬ කිරීමෙන් සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක්කිරීමක් බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආයුධ සන්නද්ධව විරෝධතාකරුවන් පීඩාවට පත්කරනවා වෙනුවට ඔවුන්ගේ අයිතීන් ආරක්‍ෂා කළ යුතු බවත්, ජනතාවගේ, රටේ සහ ප්‍රජාතන්ත්‍රවාදී යහපත වෙනුවෙන් කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්‍ෂ නායකවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment