සක්විති දඩ ගෙවා ගෙදර යයි

376

තම අධිකරණය විසින් පෙරේදා (14 දා) නියම කරන ලද රුපියල් ලක්‍ෂ තුනක දඩ මුදල ගෙව් පසුව ප්‍රකට උපකාරක පන්ති ගුරුවරයකු වන සක්විති රණසිංහ හෙවත් චන්දන වීරකුමාර සහ ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිනි යන විත්තිකරුවන් දෙදෙනා මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (15 දා) නියම කළේය.

නීතිඥ රවින්ද්‍ර සෙනරත් මහතා මාර්ගයෙන් එම විත්තිකරුවෝ දෙදෙනා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ. දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව නඩු කටයුත්ත අවසන් කිරීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

2010.08.06 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී වත්තලදී එලුමලෙයි තංගවේලු නමැත්තා නමින් ඉන්දියාවේ බැංකු ආයතන කිහිපයක් විසින් නිකුත් කරන ලද ගෝල්ඩ් වීසා අන්තර් ජාතික ණය කාඩ්පත් කිහිපයක් හා අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරු බවට පත්කොට වසර පහකට අත්හිටවූ සිරදඬුවම් හා දඩ සක්විති රණසිංහට නියම කර තිබුණි. නීති විරෝධී අන්දමින් මූල්‍ය සමාගමක් පිහිටුවා වැඩි පොලියක් ලබාදෙන බව පවසා ගනුදෙනුකරුවන්ගෙන් තැන්පත් කරවා ගත් මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා ද එම විත්තිකරුවන්ට නඟා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment