නිර්පාක්‍ෂික පිරිසක් ගිනිගත්හේන බස් නැවතුම අසල උද්ඝෝෂණයක!

82

ඇඳිරිය සහ හදිසිය යොදා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට උත්සාහ දරනවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් සිය ධුරවලින් ඉවත් විය යුතු බවට බලකරමින්

ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි නිර්පාක්ෂික පිරිසක් පෙරේදා (13 දා) ගිනිගත්හේන බස්නැවතුම්පොළ අසල උද්ඝෝෂණයක නියැලුණි.

‘74 වසරක ශාපය නිමා කරමු’ මැයෙන් මෙම උද්ඝෝෂණය එම පිරිස විසින් සංවිධානය කර තිබුණි.

උද්ඝෝෂණයේ නියැලී සිටි නිර්පාක්ෂික පිරිස කියා සිටියේ රටේ ජනතාව පීඩාවට පත් වී සිටින අවස්ථාවේ තවදුරටත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ධුරවල රැඳී සිටිමින් මේ රට අරාජිකත්වය කරා රැගෙන යන බවයි.

ආරක්ෂක අංශ යොදවා මේ රට තුළ ඇඳිරි නීතිය සහ හදිසි නීතිය ප්‍රකාශයට පත් කර රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට උත්සාහ දරන බවද උද්ඝෝෂණයේ නියැලී සිටි පිරිස කියා සිටියහ.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment