පළමු ජාතික යොවුන් වූෂූ තරගාවලිය ඇරැඹේ

76

ප්‍රථම ජාතික යොවුන් වූෂූ තරගාවලිය වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේදී ඊයේ (15) ආරම්භ විය.

මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රථම වතාවට පළාත් නවයම නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වී සිටියේය.

මෙම අවස්ථාව සඳහා චීන තානාපති චීෂෙන්හොං, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, සංස්කෘතික කවුන්සිලර් සැන්ග් ඉන්ග්බෝ, ජාතික තරුණ සේවා සභා සභාපති පසිඳු ගුණරත්න, ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, වූෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. එහි අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment