කරාපිටිය රෝහලට වෛද්‍යවරුන් 60ක් හිඟයි – සේවකයන් 250කුත් අවශ්‍යයි

20

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 60 දෙනකුගේ සහ කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයන් 250 දෙනකුගේ පමණ හිඟයක් පවතින බැව් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්. පී. යූ. එම්. රංග මහතා පවසයි.

කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා වෛද්‍යවරු 550 දෙනකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ වෛද්‍යවරු 490ක් පමණක් බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය. රෝහලේ විකලාංග, පිළිකා යන ශල්‍ය ඒකක සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව පෙන්වා දෙන රෝහල් අධ්‍යක්ෂවරයා නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවද හෙතෙම පවසයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් නොමැති බවත් අවශ්‍ය වෛද්‍යවරුන් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් ලබාදිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බවද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. මේ වන විට රෝහලේ වෛද්‍ය උපකරණ හා අලුත්වැඩියා කටයුතු සඳහා විශාල මුදලක් වෙන්වී ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment