රනිල්ට සහාය දීම අලියගේ  පිටේ නැඟීමක් නොවේ – ප්‍රසන්න රණතුංග

113

මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දැක්වීම අලියාගේ පිටේ නැඟීමක් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (24 දා) පැවසීය. ජනාධිපතිවරයා සමග වැඩ කළ යුතු බව මිනුවන්ගොඩ පක්ෂ නියෝජිතයන් ප්‍රකාශ කර ඇතැයි ද හෙතෙම කීවේය.

හෘද සාක්ෂියට එකඟව හැමවිටම නිවැරදි දේශපාලන තීන්දු ගැනීමට පැකිළෙන්නේ නැති බවත්, තමන් පිළිබඳව මෙතෙක් විශ්වාසය තැබූ ජනතාව කිසිසේත් පාවා නොදෙන බවත් විදෙස්ගතව සිට ඊයේ (24 දා) පැමිණි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. ඇමැතිවරයා මෙසේ ද කීය.

මා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වන බව කියා මා විදෙස්ගතව සිටියදී මාගේ මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් රහසිගත ඡන්දයක් පවත්වා තිබෙනවා. එම රහස් ඡන්දය පවත්වා තිබෙන්නේ පසුගිය 20 වැනිදායි. එහි ප්‍රතිඵලය මට ඊයේ (24 දා) උදෑසන ලැබුණා. එහි වැඩි දෙනා ප්‍රකාශ කර තිබුණේ මේ මොහොතේ ජනාධිපතිවරයා සමග වැඩ කළ යුතු බවටයි. ජනාධිපතිවරයාගේ කකුලෙන් නොඇද ඔහුට සහාය දිය යුතු බවත් ප්‍රකාශ කර තිබුණා.

22 වැනි සංශෝධන පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේ තමා නොසිටියේ එම ඡන්දය ඔක්තෝබර් 06 හා 07 දෙදින තුළ පැවැත්වෙන බව ප්‍රකාශ කර තිබූ නිසා බවත් තමා විදේශගත වූයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා දැනුවත් කොට සිය වගකීම පොදුජන පෙරමුණේ ලේකම්වරයාට පවරමින් බවත් ඇමැතිවරයා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment