බාලවයස්කාර දැරිය අපයෝජනය කළ තිස්හය හැවිරිදි පෙම්වතා මාට්ටු

135

නිවෙස්වලින් අතුරුදන් වී සිටින බවට පොලිසිවලට පැමිණිලි ලැබී තිබූ අවුරුදු 12 යි මාස 03 ක් වයසැති දැරියක් හා තිස්හය හැවිරිදි විවාහකයෙක් බියගම පොලිසිය මගින් ඉකුත් සෙනසුරාදා ( 25 වැනිදා ) පස්වරුවේ බියගම , පේරගස්හන්දිය ප්‍රදේශයේ නේවාසිකාගාරයක කාමරයක නවාතැන් ගෙන සිටිය දී අත්අඩංගුවට ගන්නා ලදී. මේ වැටලීමට බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශාන් ගමගේ, පොලිස් සැරයන් ධම්මික ( 42221 ), පොලිස් කොස්තාපල්වරුන් වන යොහාන් (99918), ජයසිංහ ( 103658 ) හා කාන්තා පොලිස් කොස්තාපල් ඩිලානී ( 11151) යන නිලධාරීහු එක් වී සිටියහ.
දෙල්ගොඩ ඩබ්ලිව් ඩී විතාන හා බියගම සුදත් පුබුදු කීර්ත

advertistmentadvertistment
advertistmentadvertistment