රැකියා දෙන්නම් කියා මුදල් වංචා කළ කාන්තාව ළඟ සිම්කාඩ් 175 ක්

85

ඔන්ලයින් හරහා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (11 දා) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සන්තකයේ තිබී මුදල් වංචාව සඳහා යොදාගත් සිම් කාඩ්පත් 175 ක් සහ ඒ. ටී. එම්. කාඩ්පත් 5 ක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

26 හැවිරිදි සැකකාරිය කඩවත පදිංචිකාරියක වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment