රැවුල ප්‍රශ්නයක් කර ගන්න එපා – මොයින් අලී

260

එංගලන්ත හා පකිස්ථාන සම්භවයක් සහිත තමා මුස්ලිම් ජාතිකයෙකු මෙන් දිගු රැවුලක් වවාගෙන සිටියද කිසිවිටක අන්තවාදී අදහසක් එයට බලපා නොමැති බව එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන මොයින් අලී එංගලන්තයේ ස්කයි ස්පෝට්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක් වෙමින් පවසා තිබේ.

තමාට මවගේ පාර්ශවයෙන් පකිස්ථාන සම්භවයක් පැවතියද සිය මිත්තණිය එංගලන්ත ජාතික කාන්තාවක් බව පවසා ඇති 36 හැවිරිදි මොයින් තමා නිකටෙන් පහළට විහිදුණු දිගු රැවුලක් වවා ගත්තේ ජ්‍යෙෂ්ඨ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු, හෂීම් අම්ලා අනුකරණය කරමින් බව අවධාරණය කර තිබේ. අන්තවාදී වීමට තමාගේ අදහසක් නැතත් තමාට නෑකම් ඇති පකිස්ථානයට යෑමට තමා කැමැත්තෙන් පසුවන බවත් ඔහු කියා තිබේ. මෙවර ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සිය අවසන් ලෝක කුසලාන තරගාවලිය බවද, මොයින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment